මහවිරු සැමරුම් සූදානම උතුරේ ජයටම… ජාතික මහවිරු දිනය කියලත් හඳුන්වයි…
November 26, 2017 at 2:10 pm | lanka C news
නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්‍රිතව දෙමළ තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරමින් මහවිරු දින සැමරීමට සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
මේ අතර මුලතිව් විශ්වමඩු තෙරාවිල් මහවිරු සුසාන භූමියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුමට සැරසිලි සිදු කරන අතර තේරාවිල් පිවිසුම් දොරටුවේ නිර්මාණය කොට ඇති තොරණ විශේෂ විය එයට හේතුව වී ඇත්තේ තොරණේ යොදා ඇත්තේ ජාතික මහවිරු දිනය යනුවෙන් මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරණ ලද ජාතික පුෂ්පය වූ නියගලා මලය යොදාගනිමිනි.
උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අමතරව යාපනය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතවද මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත.
උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, කනගපුරම් මහවිරු වැඩසටහන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා විසින් පැවැත්වීමට නියමිත බවද කිලිනොච්චිය ප්‍රෙද්ශ වාසින් පැවසීය.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා මීට පෙර මාධ්‍යටද ප්‍රකාශ කොට ඇත.
කොටි සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමත්තා 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමෙන් පසුව එවක පටන් කොටි සංවිධානය නොවැම්බර් 27 වනදා මහවිරු දිනය නමින් නම් කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නියමයි පැණි බේරෙන හිටං ආප්ප යමපාලනය ඕක සුලු දෙයක්. හිටං ගනන් ගන්න එපා සහජීවනය
යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මිහිදන් කර ඇති කිළිනොච්චියේ කනකපුරම් සොහොන ප්‍රතිසංස්කරණය කිරීම සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා තම විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇත.ඒ සදහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇත.
2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී,ඊ.සොහොන් කොත් 97 ක් තිබූ බවත් මෙම මුදලෙන් එම සොහොන් කොත් තිබූ ආකාරයටම සකස් කරන බවත් නව සොහොන් බිමේ වැඩකටයුතු නිරීක්ෂණයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ තීරණයක් සහ අවසරය සහිතව මෙම සොහොන ප්‍රතිසංස්කරණය කෙරේ.
,නීතියෙන් තහනම් කල සංවිධානයක් සමග සම්බන්දවීම බරපතළ වැරැද්දක්
සින්හල අපිට උතුට ගිහින් දෙමල සහෝදරයඉන් එක්ක සතුටින් ඉන්න එක නැති කරන්න හදන මෙ කොටි දේශපාලුවෝ කරන මේ දේවල් , එක්කො පාලනය කිරිමට අපේ රජය සමත් විය යුතුය, නැතිනම් උන්ට ඕන විදියට උතුර කරපුවාවි කියල “සන්හිඳියාව” රකිමු කියල නිහඩව ඉඳිමු . ඉදිරියේදී වත් කොන්ද පන ඇති නායකයෙක් බිහිවේවා කියල පතමු.