ජෝං අතනාරී.. වාචාල රාජිත ධුරයෙන් ඉවත්කරන තෙක් ශ‍්‍රීලනිප සියළු ඇමතිවරුන් කැබිනට් වර්ජනයේ..

May 6, 2017 at 9:20 am | lanka C news
ජෝං අතනාරී.. වාචාල රාජිත ධුරයෙන් ඉවත්කරන තෙක් ශ‍්‍රීලනිප සියළු ඇමතිවරුන් කැබිනට් වර්ජනයේ..

වගකීමකින් තොරව ඇමති රාජිත සේනාරත්න විසින් සිදු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පල කිරීමක් ලෙස කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ශ‍්‍රීලනිපයේ සියලූම ඇමැතිවරුන් ඉදිරියේදී කැබිනට් වර්ජනයකට සූදානම් වෙමින් සිටින බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න පවසයි.

සම කැබිනට් ප‍්‍රකාශකද වන ඇමති රාජිත සේනාරත්න වගකීමකින් තොරව සිදු කරන බරපතල ප‍්‍රකාශයන්ට එරෙහිව ශ‍්‍රීලනිපය සාමූහිකව එයට එරෙහිව කටයුතු කිරීමට තීරණය කල බවද ඇමති සෙනෙවිරත්න කියයි.

රාජිත සේනාරත්න ඇමතිවරයා වහාම ඉවත් කරන්නැයි ශ‍්‍රීලනිපයේ සියලූම ඇමැතිවරුන් විසින් යෝජනා කරන බවත් එකී යෝජනාව පළමුව ගෙන එනු ලැබුවේ සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා බවත් ඔහු පැවසීය.

මේ සම්බන්දයෙන් වූ අවසාන තීන්දුව ලබන සදුදා (08) සාකච්ඡ කර ඉන් පසුව ඒ ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන බවත් පවසන ඇමති සෙනෙවිරත්න ඇමති රාජිතගේ වගකීමක් නැති වූ වාචාල කතා නිසා මේ වනවිට ආණ්ඩුව එල්ලෙමින් පවතින තැනට පත්ව ඇති බවත් ශ‍්‍රීලනිප ඇමැතිවරුන්ද දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් පවසයි.

148 views
Main News