මහානායක හාමුදුරුවොත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්ද?

August 29, 2021 at 6:18 am | lanka C news
මහානායක හාමුදුරුවොත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්ද?

රට තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා පවසන බවත්, ඒ අනුව මහානායක හාමුරුවෝත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි ප‍්‍රශ්ණ කරන බවත් අද සවස මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් මන්ත‍්‍රීවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

තවදුරටත් රට වසා තැබීම රටට ඔරොත්තු දෙන්නේ නෑ, රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ කියලා මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයකින් පවසා තිබෙනවා. අද රට වසා තැබීමට සිදුවුනේ ඇයි? මේ රට වහන තැනට පත්වුනේ වෙන රටක ප‍්‍රශ්ණයක් නිසාද? එහෙම නැතිනම් අවශ්‍ය වෙලාවට තීන්දු ගත්තේ නැති නිසාද? නැතිනම් අවශ්‍ය වෙලාවට එන්නත් ගහපු නැති නිසාද කියලා කියන්න.

රට වහන්න කියලා හැමෝම කියද්දී, සෞඛ්‍ය අංශ කියද්දී රට වහන්නේ නැතිව සිටියා. අන්තිමේදී මහ නායක හාමුරුවෝ කිව්වම රට වැහුවා කියලා ආගමික වාසියක් ගන්න, අපි හාමදුරුවෝ කියන එක නම් අහනවා කියලා පෙන්වන්න හැදුවා. කොරෝනා නිසා රට වහනවද නැද්ද කියන තීරණය ගන්න ඔ්න හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි, සෞඛ්‍ය අංශ කියන නිසා. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතිව, මහනායක හාමුදුරුවෝ කිව්ව නිසා අපි රට වහනවා කියලා තමන්ගේ ලැජ්ජාව වහගන්න හැදුවා. මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න හැදුවා.

දැන් රට වහන්න කියන අය පාපිෂ්ඨ සාහසික බලවේග කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා. එතකොට, මහානායක හාමුදුරුවෝ පාපී හැගීම් තියෙන අය කියලා හගවන්න හදනවා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මහ නායක හාමුරුවන් අදහස් දැක්වීම පාපී ක‍්‍රියාවක්ද කියලා අපි අහන්න කැමැතියි.

අද රට වහල තියෙන නිසා ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා මුදල් ඇමැතිවරයා කියනවා. මේ රට ඇරගෙන ඉදලා, රටේ ජනතාවගේ ජීවිත නැතිවුනාම, මිනිස්සු නැති සුසානභූමියක් කන්නද? මිනිස්සු ලෙඩ වුනාම, දරුවන්ට තාත්තලා අම්මලා අහිමි වුනාම, අම්මලා තාත්තලාට දරුවන් අහිමිවුනාම, ආර්ථිකයක් මොකටද? ඒ වගේ තත්වයක් ඇතුලේ ආර්ථිකය බම්බුගහන්නද?

අපිට සියල්ලට වඩා වටින්නේ මිනිස් ජීවිත. ඒ නිසා තමයි රට වහලා හරි මිනිස් ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලුවේ. ආර්ථිකය දෙවනුව කල්පනා කරමු. හැබැයි මේ රටේ ආර්ථිකය විනාශ කරලා දැම්මේ මේ ආණ්ඩුවම තමයි. තමන්ගේ ගජමිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසා, තමන්ගේ ගජ මිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසා, තමයි ආර්ථිකය විනාශ කළේ.

කොරෝනා වසංගතය හමුවේ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, එන්නත ගේන්න ඔ්න වෙලාවට ගෙනාවේ නැත්තේ මේ ආණ්ඩුවම තමයි. මේ ආණ්ඩුවේ තිබුණ උද්දච්චකම නිසා තමයි අද වන විට කොරෝනාවලින් අටදහසකට වඩා වැඩි පිරිසක් මිය ගොස් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා ආර්ථිකය වටිනවාද?

රටේ ආර්ථිකය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂාවුනොත් විතරයි. මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියනවලින් මනින්න බෑ. අපිට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක්. මේ ආණ්ඩවට, මේ පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම තේරෙන්නේ නෑ. මිනිස් ජීවිතවට ලංසු තියන මේ ආණ්ඩුවට ජීවිත ගැන කිසිදු හැගීමක් නෑ.

– media unit

31,553 views

32 Comments to “මහානායක හාමුදුරුවොත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්ද?”

  1. thus says:

    මුලු මහත් සමාජයම එන්නත් කරන්න කියලා ආණ්ඩුව පොළඹෙන ලෙස කුණු කථා කියලා ආණ්ඩුව කඩේ යවන මෙම news article එක save කරල තියාගන්නවා ඉදිරයේ එන්නත නිසා මිනිස්සු මැරෙන්න පටන්ගත්තහම නුඹ ජීවත්වෙලා හිටියොත් නුඹටම පෙන්නන්න.
    දැන්වත් ඔය වාචාල කුපාඩි දේශපාළනය නවත්තල කොරෝනාවට අමතරව වෙනත් පැතිවලින්ද පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට උදව් කරපිය. ඒකට අපිට බළය නෑ කියන කථාව නොකිය

    • Saradiel says:

      ආණ්ඩුව ගැන විශ්වාස නොකර තමන්ගේ ජිවිත රැකගැනීමට පියවර ගැනීම අද රටේ ජනතාව වගබලා ගත යුතුයි …හැම දෙකටම ආණ්ඩුවට දොස්කිමෙන් පලක් නැත ..අපේ රටේ .දේශපාලන කියන්නේ ජනතාව රවටන අවස්ථාවාදීන් බලයට පැමිණ ධනය රැස්කරගන්නා බිස්නස් එකක් පමණි

  2. Banda says:

    …………..මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක්……… This is a valid concern for many independent observers…. This Government will do well if this can be addressed.. What is required is more than handing out freely printed money..

  3. Truth says:

    Government is waiting to open the country and spread the virus and have high death rates. so few people feel safe and have good security and don’t meet people make speech to open. because food and money is been received the poor people suffer and die.
    if the county have good Health system could open all is not functioning well.
    if the politician family members die with covid then story and call will change

  4. 3% ට බය බයියා. says:

    ඉදිරියේ දී එහෙම තමයි වෙන්නේ.මුරුතෙට්ටුවේ හාමුදුරුවන් ට,ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් ට සහ හොදටම කඩේ ගිය ගවුම් අදින ගායකයා ට වුනා නම් අනෙක් කට්ටිය ට ඉදිරියේ දි පොහොට්ටුව හොදට සලකයි.

    • අමරබංදු says:

      ඔය කියන්නෙ මොල හතාණන් සහ සාගර පැටියා ගැන නේද ?

    • CAT says:

      මේ පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම තේරෙන්නේ නෑ. මිනිස් ජීවිතවලට ලංසු තියන්නේ තමන්ගේ පුත්තු රටේ බලවත් නායකයින් කරන්න …ඔවුන් සිතාගෙන සිටින්නේ මේ රට රාජපක්ෂලාගේ බුදලය ඔවුන් රජ වරු කියලා …එකනේ රටේම උසස් තනතුරු පවුලේ සියලුදෙනාවම දෙන්නේ ..
      .රටේ උගත් බුද්ධිමත් තරුණ තරුණියෝ රැකියා නැතිව දුක් විදිනවා ..යහපාලන ආණ්ඩුව කලෙත් රට අගාදයට ගෙනයෑම ….මේ ආණ්ඩුවේ සහ යමපාලනේ වෙනසක් තියනවද ?රටේ ජනතාව ජන්දෙන් පත් නොකළ බැසිල්ට මුදල් ඇමති කම දුන්නේ කුමක් නිසාද ? පවුල් බලේ වැඩිකර ගැනීමට නොවේද ? වසර 5 ඉවරවී ඔවුන් දේශපාලනයෙන් සමුගනී ..අපේ රට විදේශිකයින් සතුවි ජනතාව තමන්ගේ මව් බිමේ වහල්ලු වේවි. බලාසිටපල්ලා ..කවුරු කලත් වැරැද්ද වැරද්දමයි ..69 ලක්ෂයක් බෞද්ධ ජන්දෙන් පත් වී සුළුජාතීන්ට කඩේ යන ගුණමකු ආණ්ඩුවක්

  5. Sura says:

    මනූෂ, කුහක පරයෙක් නොවී, කුණු අවුස්ස, අවුස්සා ඉන්නේ නැතිව අඩුම වශයෙන් තමන්ගේ පුදේශයේ අසරණවෙලා ඉන්න මිනිස්සුන්ට හැකි අන්දමින්වත් කුමණ හෝ පිහිටක් වෙන්න උත්සාහ කරපං.

  6. තමුන්ගේ ගෑනි රැක ගන්න බැරි තමුන්නානාන්සේ ගැන මොන කතාද.

  7. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    උදේ සවස ලවුඩ්ස්පීකර් හයියෙන් දමාගෙන මිනිස්සුන්ට හිරිහැර කරන්නේ නම් පාපිෂ්ටයන්ම තමයි

    • ගිංතොටගේ says:

      සද්දෙට ස්පීකරේ දාලා ඒ ගොල්ලො ආවාසේ දොර වහගෙන විකුර්ති කාමයේ යෙදෙනවා.

    • John the baptice says:

      හදේ අල්ලාහ් ඉන්නවා කියලා දවසට 5 ස් පාරක් බෙරිහන්දෙන එක පළමුවෙන් නවත්ත පල්ලා

  8. cw says:

    රටට ජාතියට විරුද්ධව වැඩ කරන අය පාපිෂ්ඨයෝ තමයි, ඔබත් එයින් එකෙක්.

    • Alapaluwa says:

      ඔය රට ජාතිය පරණ බයිලෙ කියල උබේ රාජපක්ෂ හාමුල ගොඩගන්න දැන් බැ බන් 😀

  9. LalithM says:

    බල්ලො එක්ක ලැග්ගානම් බලුමැක්කෝ ඵක්ක ඉන්න වෙනවානේ. ඔය කියන කොයි මහනායක උන්නාන්සෙලාත් තම ලාභ ප්‍රයෝජන සඳහා දේශපාලන නායකත්වය එක්ක ගනුදෙනුව කලා. ඒවායේ ඵලවිපාක ඒගොල්ල විඳවන්න ඕන. ඒ අයත් මාර්ග ඵල ලබපු අය නොවේනම් වැරදි නොකරයි කියන සහතිකය කුමක්ද. මෙය පල්ලිය පන්සල කොතනටත් අදාලයි.

  10. Sunil says:

    These monks are double acting. They will tooth and nail save this political family who are out to exterminate the citizens. We are not only being fooled by the political family and their bandwagon but the monks who are unbecoming of their robes.

Main News