මහාරාජාගේ සිරස නාලිකාවට එජාපයේ නායකයන් හදන්න ඉඩ දෙන්නේ නෑ..- සිරස නාලිකාවට එජාපයෙන් කුණු බැණුම්..

December 16, 2019 at 2:10 pm | lanka C news
මහාරාජාගේ සිරස නාලිකාවට එජාපයේ නායකයන් හදන්න ඉඩ දෙන්නේ නෑ..- සිරස නාලිකාවට එජාපයෙන් කුණු බැණුම්..

මහරාජාගේ සිරස නාලිකාවට එක්සත් ජාතික පක්ෂය කඩා බිඳ දැමීමට ඉඩ නොතබන බව එම පක්ෂයේ රනිල් පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

පසුගියදා ගාල්ලේදී කැඳවා තිබූ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල එම නාලිකාව වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයරා විසින් විසින් දැඩි ලෙස දොස් පවරන ලදී.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා කියා සිටියේ ගාල්ලේ ජනහමුවට කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු සහභාගී නොවූ බව සිරස නාලිකාව වාර්තා කලද තමන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සහභාගි වූ
බවය.

සිරස නාලිකාව ජනතාව අතර අසමත් නාළිකාවක් බවට පත්වී තිබෙන බවත් පක්ෂය බිද අලුත් නායකයන් හදන්න නාලිකාවට කිසිවිටෙක ඉඩ නොදෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

475 views

2 Comments to “මහාරාජාගේ සිරස නාලිකාවට එජාපයේ නායකයන් හදන්න ඉඩ දෙන්නේ නෑ..- සිරස නාලිකාවට එජාපයෙන් කුණු බැණුම්..”

  1. Ab says:

    Seem like free media according jadapalanaya are Sri Lanka Rupavahini & ITN TV cooperations. Other TV channels are bias or practicing unethical media tactics. Still Unp goons haven’t learned anything at all. Keep going like blaming media & Sri Lankan voters u all stay in opposition forever.

  2. Porak says:

    හිරු දෙරන ටී එන් එල් පට්ට….සිරස පජාති…අසූචි මාරසින්හ චන්දේ ඉල්ලලා ආපු කෙනෙක්ද ….ලන්කාව පාලනය කරන ප්‍රධාන පක්ශ දෙකට ගැලපෙන වැකිය….” කරන කලට පව් මිහිරිය මී සේ…විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ…..”

Main News