මහා ආර්ථික අර්බුදය ලගම එනවා.. කඩිනම් පියවර ගන්න.. උපදෙස් දී අගමැති නෝර්වේ යයි…

October 2, 2018 at 11:20 am | lanka C news
මහා ආර්ථික අර්බුදය ලගම එනවා.. කඩිනම් පියවර ගන්න.. උපදෙස් දී අගමැති නෝර්වේ යයි…

ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයට වේලාසන සූදානම් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන් වෙත උපදෙස් දී ඇත.

අගමැතිවරයාගේ උපදෙස් මත මේ සදහා ක‍්‍රමවේදයන් සකසමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව එක්වයි.

මේ අතර වාර්තා වන්නේ ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා එන මාසයේ සිට ඉරානයට ශ‍්‍රී ලංකා තේ යැවීමට නොහැකි වනු ඇති බවයි.

එමෙන්ම චීනයට ඇමෙරිකාව පනවා ඇති බදු හේතුවෙන් චීනය විසින් ණය ආධාර හෝ ප්‍රදානයන් නොකරනු ඇති බවද සදහන්ය.

ඒ අනුව ඇතිවීමට නියමිත ආර්ථික අර්බුදයේදී රුපිය‍ල ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියාමාර්ග ඉක්මනින්ම සකසන්නැයි අගමැතිවරයා උපදෙස් දී ඇත.

අගමැතිගේ නෝර්වේ සංචාරයෙන් පසුව මෙම නව ක‍්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට නියමිතය.

101 views

14 Comments to “මහා ආර්ථික අර්බුදය ලගම එනවා.. කඩිනම් පියවර ගන්න.. උපදෙස් දී අගමැති නෝර්වේ යයි…”

  1. Ranga Bandara gelioya says:

    oba thuma thama ape ekama pathuma , 2020 ape janapathi , sabama molayak , dan moda bayyonta ridei .
    oba thumage maga arthika danumen api mehemawath inne , moda bayyonta owa therenne nah.gon kama
    thopi rajapaksha passe palayaw .

  2. Mangala says:

    Kawda mewata wagakiwayuththa thamun neda?

  3. හර්ෂ says:

    සිංහල අකුරු හතරක් සහිත ප්‍රධාන වාණිජ බැංකුවක් දැන් කඩාගෙන වැටෙන්න ආසන්නයි. ආර්ථිකය අවුල් වීම නිසා එම බැංකුවෙන් මහාපරිමාණ නය ගත් නය ගැනුම් කරුවන්ට මුදල් ආපසු ගෙවිය නොහැකි වීම නිසා බැංකුව කොට උඩ ගොස් ඇත. ලබන සතිය වෙනකොට බඩු හම්බ වෙයි……!

  4. Aravinda says:

    කලු සුද්දන්ට බෑ…

  5. Sanjeewa says:

    your people won the world right? how come these things do have an effect on Sri Lanka after exceptional performance by your team since 2015?? Now that Megapolis guy says our per capita GDP $13,000/-!!! who is trying to hoodwink who?? Probably he himself was not aware of the fact that PPP measure is just a nominal figure & has nothing to do with real income!!!

  6. හැකහැක says:

    ලොක්කා නෝර්ව‌ෙ කියලා හොර‌ෙන් පිදුරංගල ගිහිල්ලා.

    • Kolla says:

      Kollotika dan ethana nahane ban. Mongalaya e photo tika dawasakata 100 sarekata wadiye balanawalu hoda ekak thora ganna.

    • maraya says:

      සමහර විට අර්ජුන මුණගැසීමට යන්න ඇති …ඉතුරු හොර බැංකු මුදල් ටික ලබා ගන්න

  7. Kings says:

    ඒ පැත්තෙම නැවතුනා නම් අපේ රට මීට වඩා හොඳ වෙයි.

  8. ගමරාළ says:

    අර හර්ෂාචාරියට තියනවා කිව්ව මහා ආර්ථික මොලේ පාවිච්චි කරලා මොකවත් කරලා ගොඩ එන්ඩ බෑරිද අගමෑති තුමෝ ?

  9. Gayantha says:

    මේ යකා මහජන බදු මුදල් වලින් පුදුම රස්තියාදු ගැහිල්ලක්නෙ ගහන්නේ. ගිය එක ගමනකින් වත් රටට සෙතක් වුනද ? රටේ තියෙන සල්ලි ටිකත් රට අදිනවද දන්නේ නෑ. අනික මිනිස්සුන්ට යන්න එපා කිය කිය මේකා යනවා.
    එකබද්දේ අය මෙවා ගැන ප්‍රශ්න කරන්න ඔන.

  10. david milibanda says:

    Issara moo anith ewunta kelinawa. dan moo anith ewun lava kelawa gannawa.

Main News