මහා ගං වතුරක්.. රට පුරා ගංගා පිටාර ගලයි.. දහස් ගණන් ජනයා පීඩාවේ…

May 21, 2018 at 2:35 pm | lanka C news
මහා ගං වතුරක්.. රට පුරා ගංගා පිටාර ගලයි.. දහස් ගණන් ජනයා පීඩාවේ…

ඇද හැලෙමින් ඇති අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක්ම පිටාර ගලමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගිං ගග තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගලා මහා ගං වතුර තත්වයක්ද, කැලනි ගග නෝවුඞ් හිදී පිටාර ගලා මහා ගංවතුර තත්වයක්ද, නිල්වලා ගග පානදුගම ප‍්‍රදෙශයෙන් පිටාර ගලා මහා ගංවතුර තත්වයක්ද ඇතිව තිබේ.

සුළු ගංවතුර තත්වයන් ඇතිව තිබෙන්නේ කළුගග රත්නපුර හා මිල්ලකන්ද, කැළනිගග ග්ලෙන්කෝස්, මහ ඔය ගිරිඋල්ල හා බඩල්ගම, මහවැලි ගග නාවලිපිටිය යන ප‍්‍රදේශවලිනි.

ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණ තත්වය නිසා පුද්ගලයන් 1024ක් අවතැන් වූ තවත් 13314ක් පීඩාවට පත්ව සිටින බවයි.

835 views
Main News