මහා ගෑස් ජාවාරමක්.. කහ පැහැ සිලින්ඩර ලිත්‍රො පාට ගන්වයි..

September 11, 2020 at 12:40 pm | lanka C news
මහා ගෑස් ජාවාරමක්.. කහ පැහැ සිලින්ඩර ලිත්‍රො පාට ගන්වයි..

මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන සමාගමක කහ පැහැති ගෑස් සිලින්ඩර විශාල ප්‍රමාණයක් ලිත්‍රො ගෑස් සමාගමේ නිල් වර්ණයෙන් වර්ණ ගැන්වීම හේතුවෙන් සැකකරුවන් දෙදෙනකු සිලින්ඩර 167ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිලින්ඩර 87ක් නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ කළමනාකාවරයා අත්අඩංගුවට ගත් අතර ආයතනයේ හිමිකරුවා නීතීඥයකු මාර්ගයෙන් පොලිසියට භාර වී ඇත.

මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශයන්ට ලිත්‍රො ගෑස් සමාගමේ සමාගමේ සැපයුම් නිසි ලෙස ක‍්‍රියාත්මක වන නිසා ඇති අධික ඉල්ලුම හේතුවෙන් මෙම කටයුත්ත කරන්නට ඇතැයි සැක කෙරේ.

44,846 views

3 Comments to “මහා ගෑස් ජාවාරමක්.. කහ පැහැ සිලින්ඩර ලිත්‍රො පාට ගන්වයි..”

  1. Dagara Amila says:

    Ane Mage sambandayak ehema hana onna kiuwa.

  2. cw says:

    Smell an Amila?

  3. Nariya says:

    Kabara amilage dharama pracharayata mudal hoyanna wenda athi

Main News