මහා දුෂිතයා යයි හෙට හංවඩු ගැහෙන ඇමති අද අන්තිම කොලේ අදී.. මහ නාහිමිවරු පාමුල වැටේ..

May 21, 2017 at 3:19 am | lanka C news
මහා දුෂිතයා යයි හෙට හංවඩු ගැහෙන ඇමති අද අන්තිම කොලේ අදී.. මහ නාහිමිවරු පාමුල වැටේ..

මහා වංචා දුෂණ චෝදනා එල්ල වීම නිසා හෙට දිනයේ සිය ඇමති ධුරය අහිමි වීමට නියමිතව සිටින ඇමතිවරයෙකු අද දිනයේ මල්වතු මහ නාහිමියන් මුණ ගැසීමට මහනුවර ගොස් සිටී.

මහ නාහිමියන් ලබා ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට බලපෑමක් කරවීම ඇමතිවරයාගේ බලාපොරොත්තුව බව සමීප ආරංචි මාර්ග කියයි.

මෙම ඇමතිවරයා මහා දුෂකයෙක්, වංචනියකයෙන් යයි ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් දිගින් දිගටම චෝදනා කරමින් සිටි අතර අවසානයේ අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද එම චෝදනා සනාථ කරමින් හෙට දිනයේ එකී ඇමතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට සූදානමින් සිටින බවට වාර්තා පල වෙයි.

162 views