මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් මාට්ටුයි.. ඉන්දන බවුසරය ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ..

March 4, 2018 at 3:50 pm | lanka C news
මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් මාට්ටුයි.. ඉන්දන බවුසරය ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ..

වව්නියාව රජයේ ඉන්ධන ගබඩාවේ සිට උතුරු පලාතට බෙදාහැරෙන ඉන්ධන මහපරිමාණයෙන් සොරකම් කිරීමේ ජාවාරමක් ඊයේ (03) රාත්‍රියේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය වව්නියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුනු තොරතුරකට එහි විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව ගුඩ්සෙඩ් මාර්ගයේ පිහිටි ඛනිජ තෙල් තොග ගබඩාව වෙත විශේෂ සෝදිසි වැටලීමක් සිදු කොට ඇති අතර එම වැටලීම සිදු කරන අවස්ථාවේදී තෙල් සංස්ථාවේ තෙල් ගබඩාවල සිට පිරිසක් බවුසරයකට රහසිගතව තෙල් මාරු කරමින් සිටියදී එම පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

අදාල වැටීම සිදු කරන අවස්ථාවේදී තෙල් බවුසරයේ රියදුරු හා සහයකද සමග එම අවස්ථාවේදී තෙල් ගබඩාවේ සේවය කරමින් සිටි තවත් හත් දෙනෙකුද සමගින් බවුසරය හා එහි තිබූ ඉන්ධන ලීටර් 2700 ක් මෙසේ අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසිය වෙතට භාර දී ඇත.

අදාල තෙල් තොග ගබඩාවේ වව්නියාව නියෝජිත වරයා වශයෙන් පත්ව ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර අත්අඩංගුවට පත් තෙල් බවුරයේ අයිතියද ඇත්තේ අදාල මන්ත්‍රී වරයාට බවට මේ වන විට වව්නියාව පොලීසියට තොරතුරු ලැබී ඇත.

සෑම සතියකම අවසානයේ තොග අවසන්ව ඇති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම්දිය යුතු වන අතර ගබඩාවේ සේවකයින් එසේ දැනුම් දී ඇත්තේ යම් ඉන්ධන තොග ප්‍රමාණයක් සැගවීමෙන් වන අතරම සගවල ඉන්ධන තොගයද අදාල මන්ත්‍රීවරයාට අයත් ඉන්ධන පිරවුම් හල්වලින් විකිණීමටද කටයුතු සිදු කොට ඇති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් අනාවරනය කොට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) දිනයේදී වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම ජාවාරම කලක් තිස්සේ සිදු කොට ඇති බවටද මේ වන විට අනාවරණය වන බවටද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලදාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

108 views

2 Comments to “මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් මාට්ටුයි.. ඉන්දන බවුසරය ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ..”

  1. Lapaya says:

    Siro ganin kaduwa. Menna golayange wada.

  2. බන්ඩා says:

    මහ බැංකු අධිපති කමට රටේ අගමැති රෙකමදාරැ කල තමන්ගෙ ගජ මිතුරා බිලියන ගනනකට කෙලලා නිදහසේ මාරැ වෙලා යන කොට මුලු රටම හොර ගුහාවක් වෙන එක කියන්නත් දෙයක්ද?

Main News