ඉතිහාසයේ මහා පාවාදීමකට ඒකාබද්දය සූදානම්.. රටම අවුල් කරන්න වසලයෝ සැරසේ..[Video]

April 19, 2018 at 10:41 pm | lanka C news
ඉතිහාසයේ මහා පාවාදීමකට ඒකාබද්දය සූදානම්.. රටම අවුල් කරන්න වසලයෝ සැරසේ..[Video]

රෝ සංවිධානයේ ඔත්තුකාරයන් පිරිසක් විසින් ඒකාබද්ද විපක්‍ෂයේ නඩයක් ගොනාට ඇන්දවීමට සැරසෙන්නේ යයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සමග පාර්ලිමේන්තුව විසුරුවීමේ වගන්තිය අමුනාගෙන ජනතා විමුක්ති පෙරමුණ හරහා මේ සූදානම් වන්නේ එම නාඩගමට යයි එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරයි.

බලය ලබා ගැනීම සදහා ඒකාබද්ද විපක්‍ෂය මෙම උගුලට පා තැබුවහොත් මෙම පාවාදීම ඔවුන් කරන අවසන් පාවාදීම වනු ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට ඒකාබද්ද විපක්‍ෂය දායක වන්නේ නම් එය මහා පාවාදීමක් වනු ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල සංශෝධන ඇතුළු කරන්නේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන 20 සංශෝධණයට එකග වන ඒකාබද්ද විපක්‍ෂය කුමන අදහසකින් කිවුවේදැයි තමන් නොදන්නා බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා එම මාධ්‍ය හමුව අමතමින් කීය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විිසින් ගෙන එන්නේ බටහිරන්ගේම කුමන්ත‍්‍රණයේ කොටසක්ලෙස බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

යම් මෙයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සමගම 13 වන සංශෝධනයද අහෝසි කල යුතු බවත් ඒම දෙකම එකවර සිදුවිය යුතු බවත් අමරසේකර මහතා කියා සිටියේය.

හමුව අමතමින් ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සදහන් කලේ අද වන විට පාර්ලිමේන්තුවේ සිටින්නේ වැඩි දෙනා පොතපත නොකියවන, නූගත්, අඥාණ, ස්වාර්ථය මිස අන් කිසිවක් නොසලකන ඉතාම වසල පිරිසක් බවයි.

අද වන විට බෙදුම්වාදය දේශපාලනිකව එදාටත් වඩා ප‍්‍රබල බවත් එවන් තත්වයක් යටතේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම රටම අවුල් කිරීමක් යයිද ඔහු පෙන්වා දුන්නේය.

212 views
Main News