මහා පරිසර හිතකාමී රන්ජන් රාමනායක එජාප හිතවතුන්ට කලූගල් කඩන්න පහසුකම් ඉල්ලයි.. මෙන්න ලිපිය..

February 7, 2017 at 3:04 pm | lanka C news
මහා පරිසර හිතකාමී රන්ජන් රාමනායක එජාප හිතවතුන්ට කලූගල් කඩන්න පහසුකම් ඉල්ලයි.. මෙන්න ලිපිය..

පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ හා තම දිවුලපිටිය ආසනයේ ජය වෙනුවෙන් වැඩ කටයුතු කල පිරිසකට කලූ ගල් කැඞීම සදහා අවශ්‍ය මාර්ග පහසුකම් සලසා දෙන ලෙස නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඇමති කබීර් හෂීම් වෙන යොමු කරන ලද ලිපියක් අද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

එජාප හිතවතුන් වූ නිසාම මෙම පහසුකම ඉල්ලීම ලිච්චවි යහපාලනයට විරුද්ද වන්නා සේම පරිසර විනාශයක් ලෙස සැලකෙන කලූගල් කැඞීම ධෛර්යමත් කරන ක‍්‍රියාමාර්ග ගැනීම ඇමතිවරයා පෙනී සිටින පරිසර හිතකාමීත්වය සම්බන්ධයෙන් ගැටළු මතු කරවයි.

ලිපියේ දැක්වෙන ආකාරයට සිරිකොත මන්දිරය, පිටකෝට්ටේ ලිපිනයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පිහිටා ඇත්තේ නම් එය ගැටළු ගණනාවක් උත්පන්න කරවන අතර එසේ නොවන්නේ නම් නියෝජ්‍ය ඇමතිවරයාගේ රාජ්‍ය පරිපාලන සම්බන්ධයෙන් වූ දැනුම් සම්භාරය මැනගත හැක.

ලිපිය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමේදී සභාව උණුසුම් තත්වයකට පත් විය. මේ එකී ලිපිය හා අදාල නාම ලේඛණයයි.

303 views
Main News