මහා බදු වංචාවක්.. නීති විරෝධී බීඩි කොල තොගයක් ජාවාරම් කරුවන් සමග තලෙයිමන්නාරම් මුහුදේදී අත්අඩංගුවට..
March 21, 2019 at 12:40 pm | lanka C news
නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්රෑම් 912 ග්රෑම් 460 ක ප්රමාණයක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම් මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ (20) රාත්රයේ අත්අඩංගුවට ගෙන ඇත.
තලේයිමන්නාරම ප්රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්රදේශය ආශ්රිතව සිදු කළ සෝදිසි කිරීමකදී සැකකරුවන් ඩිංගි බෝට්ටුවක් යොදාගෙන අදාල බීඩි කොල රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව අදාල ඩිංගි යාත්රාව පරික්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී බීඩි කොළ සහිත ගෝනි 27 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 සහ 38 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කව්ද අර කුණු දතා වෙන්න ඇති. ඌ තමා ඔය වගේ වැඩ කරන්නේ
මේ ක්රමයට ඉන්දියාවෙන් කල්ල තෝනි ගේන්නත් පුලුවන් අපේ රටේ පදිංචි කරවන්න
ara wilpattuwa sudda karana sudardeen ge mallila wenna ethi ponna anduwa kawada elawanne lanaka ma ponnayo wenawa me unp hitiyoth jvpe unge kate pittu hirawela 20nisa