මහා බරපතළ වංචා විමර්ශන කොමිසම මහින්ද යුගයේ මහා හොරකම් තව දෙකක් අල්ලයි.. හිටපු හමුදාපති යකඩ කපලා.. අමරවීරගේ ගෝලයෙක් සුනාමි වංචාවක..
August 16, 2017 at 3:50 pm | lanka C news
රුපියල් ලක්ෂ ගණනින් මුදල් අවභාවිත කිරිම සම්බන්ධයෙන් මහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත යොමුකර තිබු තවත් පැමිණිලි දෙකක් විමර්ශනය අවසන් කර ජනාධිපතිවරයා වෙත ඉදිරි දිනවලදී බාරදීමට නියමිත බව එම කොමිෂන් පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
උතුරු නැගෙනහිර පලාත්වල සුනාමි කුළුණු අලුත්වැඩියා කිරීමට පෞද්ගලික අංශයට ලබාදුන් බව පවසා රුපියල් ලක්ෂ 60 ක් වංචා කිරීම සිද්ධියට එවකට ආපදා කළමනාකරණන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ලෙනින් රවීන්ද්‍ර ඇතුළු නිලධාරින් තිදෙනෙකුට සහ යුද්ධ කාලයේදී විනාශ වී අබලන් තත්ත්වයට පත්වු උතුරු පලාතේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ පරන යකඩ කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ඇතුළු 13 දෙනෙකු වෙත චෝදනා එල්ලවි ඇත.
මහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිස්ම විසින් වංචා දූෂණ පිලිබඳ පැමිණිලි 17 විමර්ශන අවසන් කර එම වාර්තා ජනාධිපතිවරයා වෙත බාරදි අවසන් බව එම කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර බව එම පුවත්පත වාර්තා කොට ඇත.