මහා බැදුම්කර හොරකමට ජනාධිපතිත් අගමැතිත් සම්බන්ධයි..

August 13, 2017 at 10:00 am | lanka C news
මහා බැදුම්කර හොරකමට ජනාධිපතිත් අගමැතිත් සම්බන්ධයි..

මහ බැංකුවේ සිදුව මහා බැදුම්කර වංචාවට ජනාධිපති අගමැති පවා සම්බන්ධ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට දිවුලපිටියේ දී 11 වැනි ද සවස එක්වෙමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑත කාලයේ ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගයක් වශයෙන් ඉතා සීඝ්‍රයෙන් නැගී සිටින දේශපාලන බලවේගයක් බවට පත්වෙලා තිබෙනවා. පසුගිය මැයි දිනයේ දී විශාල ජනගංගාවක් කොළඹට රැස්කරන්න ඒ බලවේගයට හැකියාව ලැබුණා. අද රට පුරා ලක්ෂ 20කට වැඩි සාමාජික සංඛ්‍යාවක බඳවගෙන ආණ්ඩුවට විරෝධය පාන්න ඒ පක්ෂයට හැකි වී තිබෙනවා.

එදා 2015 ජනවාරි 08 වැනි ද ජනාධිපතිවරණයෙන් මහින්ද මහත්තයා පැරදුණාම එතුමාව නැවත දේශපාලනයට ගෙනාවේ මේ රටේ ජනතාවයි. බොරු කියලා ජනතාවගේ ඡන්දය රැගෙන බලයට පත් චේචච දේශපාලනඥයෝ අද කටයුතු කරන ආකාරය ගැන නීතිඥ ක්ෂේත්‍රයේ වැඩ කරන අය විදියට තමුන්නාන්සේලාට අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා.

එදා මහින්ද මහත්තයා පරාජය පත්වුණාම මේ දේශපාලන බලවේගය ගොඩනැගුණෙ මේ රටේ ජනතාව නිසයි. එතුමා ළඟින් හිටපු අය අඩියක් පස්සට තියලා මොකද වෙන්නේ කියලා බලා ඉන්නකොට මේ රටේ ජනතාව තමයි තමයි එතුමා හොයාගෙන තංගල්ලට ගිහින් නැවත දේශපාලනයට ගෙනෙන්න නායකත්වය ලබා දුන්නේ. එදා මේ රටේ නායකයන් විශ්‍රාම ගියාම කවුරුත් එතුමලා දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.

නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුණාම රටේ ලොකු වෙනසක් ඇති වුණා. මහින්ද මහත්තයාගේ හොරකම් හොයන්න ගිහින් දැන් ආණ්ඩුවේ හොරකම් අහුවෙලා තියෙනවා. මහින්ද මහත්තයාගේ මාලිගා හොයන්න ගිහින් ආණ්ඩුවේ අයගේ මාලිගා අහුවෙලා තියෙනවාලු. රවී කරුණානායක මේ හොරකමේ ලූණු බිකක් තමයි. ජනාධිපති අගමැති පවා මේ හොරකමට සම්බන්ධයි.

එදා ඩිව් ගුණසේකර මේ බැඳුම්කර වංචාව ගැන කෝප් වාර්තාව එළියට දාන්න හදනකොට මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩු විසුරුවා හැරියා. හොරකම ඉස්සෙල්ලාම වැහුවේ ජනාධිපතිවරයා විසිනි. නැවත වතාවක් පාර්ලිමේන්තුව පත්වෙලා කෝප් කමිටුව මේ ගැන හොයලා බලනකොට අගමැතිවරයා නීතිඥයන් තුන්දෙනෙක්ගෙන යුත් කමිටුවක් පත කළා.

ඒ වාර්තාවෙන් කිව්වේ මහ බැංකුවේ පරිපාලන දුර්වලතාවයක් මිසක හොරකමක් වෙලා නැති බවයි. එහෙමත් වහගන්න බැරි තැන ජනාධිපති කොමිසමක් දාලා මේක වහගන්න බැලුවා. නමුත් විගණකාධිපතිතුමා සහ අර ගෙදර විකුණපු කාන්තාව දීපු සාක්ෂිත් එක්ක ජනාධිපති කොමිසමේ කර්යය කඩිනම් වුණා. ඒ නිස තමයි මේක එළියට ආවේ. මේකේ ගෞරවය ගන්න සමහර හදනවා’

– ප‍්‍රදීප් අනුර කුමාර

66 views
Main News