මහා භාණ්ඩාගාරයේ ඕනෑ තරම් මුදල් තිබෙනවා.. මං ඒවායින් ජනසවිය නැවත දෙනවා.. සිසුන්ට නිල ඇදුම් දෙකක්, දිවා ආහාර නොමිලේ දෙනවා…
October 19, 2019 at 12:40 pm | lanka C news
මහා භාණ්ඩාගාරයේ ඕනෑ තරම් මුදල් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
තමන් ජනාධිපති වූ පසු එම මුදල් වලින් පාසල් දරුවන්ට නිල ඇඳුම් දෙක බැගින් හා දිවා ආහාරයද නොමිලයේ ලබා දෙන බව ඔහු කියා සිටියේය.
සමෘද්ධියද සමඟ ජනසවියද නැවත ආරම්භ කරන බවත් ඇමැතිවරයා පැවසීය.
අනුරාධපුරයේදී පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව පැවසුවේ ය.