මහා භාණ්ඩාගාරය කඩලා පර්පෙච්චුවල් භාණ්ඩාගාරය හැදුවා..- චම්පික

August 16, 2017 at 3:29 am | lanka C news
මහා භාණ්ඩාගාරය කඩලා පර්පෙච්චුවල් භාණ්ඩාගාරය හැදුවා..- චම්පික

‘එක කොමිසමක් නොව කොමිසම් 10 ක් ගෙනත් හෝ මේ දුෂණ වංචා  සෙවිම සම්බන්ධයෙන් ජනපතිට, අගමැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ’ යයි ජාතික හෙළ උරුම පක්ෂ මුළස්ථානයේ දි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීහ.

මේ සදහා වෘත්තිය පුහුණු හා නිපුණතා අමාත්‍ය හා ජාතික හෙළ උරුමයේ උප සභාපති කරුණාරත්න පරණවිතාන මහතා හා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා සහභාගි විය.

මෙම ආණ්ඩුවේ ජනවරමට හා පටහැනිය ක්‍රියා කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. එහි දි අපද ප්‍රමුඛතාවයක් ගන්නවා. එසේම 2015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනපතිවරණයට ප්‍රධානම හේතුව වුයේ රට තුළ පැවැති දුෂණ හා වංචා සම්බන්ධයෙන් රට තුළ පැවැති සමාජ මතය නිසාය. ඇතැම් පක්ෂවල සංවිධාන ශක්තියෙන් පමණක් නොව මේ ආණ්ඩුව  පත්කරන්න දායක වුයේ. ඇතැම් ස්වේච්ජා සංවිධානවල හා අප වැනි දේශමාමක පක්ෂවල මෙන්ම  ජනතාවගේ  තිබුණු කැපවිම නිසාය. එසේම දැන උගත් සමාජය දායක වුයේ රටතුළ දුෂණයෙන් තොර සමාජයක් ඇති කිරිමටය. මෙවැනි  බැදුම් කර සිදුවිම් 2ක් සිදුව ඇත. ඒ 2015 වර්ෂයේ පෙබරවාරි 29 හෝ ඊට ආසන්න දිනක දි බිලියන 10ක ගනුදෙනුවක් සිදුව ඇත. 2016 මාර්තු 28 හෝ ඊට ආසන්න දිනක දි බිලියන 77 ක බැදුම්කර ගනුදෙනුවක් ගැන බරපත ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.

කවුරු මොනවා කිව්වත් මේ මගින් උපයාගත් ධනය පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ශේෂ පත්‍රයට එකතුවෙලා තියනවා.  බිලියන 300කින් 2014 ආරම්භ කළ මේ අයතනය 2015 අප්‍රේල් මස වන විට එහි ලාභය මිලියන විසිපන්දහසක ට වැඩි ය. මෙහි සැලකිය යුතු අති විශාල මුදලක්  භාණ්ඩාගාරයට අහිමි වි තිබෙනවා. මහ දවල්  මහ බැංකුවේ  ට්‍රෙෂරින් කඩලා පර්පෙචුවල් ට්‍රෙෂරිය හදපු එකයි අපට ඇති ප්‍රශ්නය.

මෙමගින් වෙළදපොල තුළ විවෘතභාවයක් ඇති කිරිමට හැකි වු බව ඇතැම්  අය කියනවා. එහෙත් එහෙම දෙයක් සිදුව නැහැ. ඇතැම් අය මේ විවෘත ක්‍රමයෙන් ඉවත් කර තිබෙනවා.  මෙම සිදු වීම සම්බන්ධයෙන් සමාජයට නිවැරදි අදහසක් ඉදිරිපත් කිරිමට අපට ජාතික හෙළ උරුමයට සුජාත අයිතියක් තියනවා. අප මේ සිදුවිම් සම්බන්ධයෙන් මුල සිටම ආණ්ඩුව දැනුවත් කලා. එපමණක් නොව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කලා, සාමුහිකව කැබිනට පත්‍රිකා ඉදිරිපත් කලා. මමත් සරත් අමුණුගම ඇමැතිතුමා සමග  විශේෂ අධිකරණයක් පිහිටවන්න පනතක් ඉදිරිපත් කලා, කැබිනට් ඇමැතිවරු 17ක් එක්ක යෝජනාවක් ගෙනවා. ඒ කිසිවක් මේ ආණ්ඩුව පිළිගත්තේ නැහැ. එකයි මට ඇති කණගාටුව.

මෙම ජනාධිපති කොමිසම් සභාවට ඇතැම් අය කියනවා බලයක් නැහැ කියලා. මහා බැංකුවේ දුෂණය සම්බන්ධයෙන් වංචාවක් සිදු වූ බව කිවෙනවා අපිත් ඒ චෝදනවා කළා. මෙම සිදුවිම සාමාන්‍ය සිදු විමක් නොවේ . බිලියන 10 වංචාවක් ය. පසුගිය ආණ්ඩුව රට තුළ සංවර්ධනය ඕනෑවටත් වඩා සිදුවිය. අධිවේගි පාරවල්, ගුවන් තොටුපොලවල්, වරයාවල් ආදි විශාල ව්‍යාපෘති සිදු විය. එහෙත් එහි සිදු වු මහා පරිමානයේ දුෂණ වංචා පිළිබදව ජනතාව තුළ ඇත්තේ අප්‍රසන්නභාවයකි.

එවා සොයන්න හා එම හොරකම් කල මුදල් නැවත මහජනතාවට ලබා දිමට මෙම රජයේ ප්‍රධානම වගකිමය. අපගේ මෛත්‍රිපාල සිරිසේන ජනපති තුමා විසින් පත්කරන ලද මේ ජනාධිපති කොමිසට විශේෂ බලයක් තියෙනවා. මෙම මුදල් ලබා ගැනිමට නීතිමය අයිතියක් ඇත. එහි දි අපරාධ නීතිය හෝ සිවිල් නිතිය අනුව දඩුවම් ලබා දිය හැකිය. එසේම නැවැත මෙවැනි සිදු විමක් සිදු නොවිමට ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කිරිමට ද බලයක් තියනවා. එම නිසා බලයක් නැ කියන්න කිසිවෙකුට අයිතියක් නැහැ. මේ පිළිබද නොදන්නා පිරිස් තමයි එවැනි අදහස් ඉදිරිපත් කරන්නේ යැයි අමාත්‍යතුමා කියා සිටිහ.

බැසිල් රාජපක්ෂ මහාතාටත් චෝදනා දෙකක් ඉදිරිපත් වුනා. බියගම හා මාතර මන්දිර ඉදිකිරිම සම්බන්ධයෙන්. ඒ චෝදනා දෙක හරියට ළුනු බිකක් වැනි කුඩා වෙන්න පුළුවන්. එහෙත් මේ ඒකාබද්ධ විපක්ෂයට බැසිල්ට විරුද්ධව  විශ්වාසභංග ගෙන්න කොන්දක් තිබුනේ නැහැ. රාජපක්ෂ පවුලේ  සි.එස්.එන්.රූපවාහිනි ආයතනයට උපකරණ ගෙන ඒමට හා  එම ආයතනයේ ගොඩනැගිල්ල ඉදි කිරිම, ඇවන්ඩ්ගාඩ් සිදු විමේන් මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ඒකාබද්ධ විපක්ෂයට හෝ ඒ වෙනුවෙන් කථාකරන්න කොන්දක් නෑ. යැයි කියා සිටිහ.

ඕනෑම රටක් තුළ පවතින වෙළද පොල ගැන විශ්වාසයක් තිබිය යුතුය. එය බිද වැටිම නිසා කිසිම අයෝජකයෙක් එන්නේ නැත. එවැනි මතයක් මෙම බැදුම්කර සිදු විම නිසා ඇති විය. බිද වැටුණු වෙළදපොළ තුළ විශ්වාසය ඇති කරන්න හැකි විම පිළිබද වත්මන් මහ බැංකු අධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධයෙන් උදාහරණ ඉදිරිපත් කරමින්, සිංගප්පූරුව හොඳ බලවත් රටක් බවට පත්ව ඇත්තේ දුෂණ වංචාවලට සෘජුව පෙනි සිටි නිසාය. සිංගප්පූරුවේ හිටපු ජනපති ලීක්වාන් යු මහතා  තමන්ගේ හොදම යාළුවා දුෂණ වංචාවක් කිරිම නිසා එවලේම සිංගප්පූර් ආණ්ඩුවෙන් ඉවත් කරන ලදි. එම ඉවත් කිරිම නිසා එම යාළුවා දිවි නසා ගන්න ලදි. එම මලගෙදර ගිය ලීක්වාන් යු  කියා සිටියේ මට යාළුවට වඩා වටිනවා.සිංගප්පූරුවේ අනාගයත යැයි කියා සිටිහ. අද වෙනිසුලාවේ තත්වය එසේය. කිසිම අයෝජකයෙක් යන්නේ නැහැ. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි රටතුල වෙළදපොල තත්වය බිද වැටිම් නිසාය.

එහි දී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු සපයමින් කියා සිටියේ විශේෂ අධිකරණයක් සකස් කිරිමට යෝජනාව නීතිපති විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් ඊට අවශ්‍යයි.  අප ජාතික හෙළ උරුමය හැටියට අප  කියා සිටින්නේ විශේෂ අධිකරණයක් මගින් අතීතයේ හා වර්තමානයේ දුෂිතයන්ට දඩුවම් ලබා දිය යුතු බවයි.

බැඳුම්කර වංචාව යනු යහපාලනයක් පැතු ජනතාවගේ යටි බඩඩට පිහියෙන් ඇන්නා වගේ වැඩක්. මේ අයථා ගණුදෙනු සිදුකළ ආයතනයන්ගේ හා පුද්ගලයන්ගෙන් නැවත එම මුදල් ලබාගත හැකියි. ලබාගත යුතුයි. ඒ හැකියාව මෙම ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට තිබෙනවා.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

149 views

7 Comments to “මහා භාණ්ඩාගාරය කඩලා පර්පෙච්චුවල් භාණ්ඩාගාරය හැදුවා..- චම්පික”

  1. අනාථ ජනයා says:

    ඊටපස්සේ හොරු ටික ඒ සල්ලි කුට්ටි බෙදාගත්තා. මටත් ඉතින් ටිකක් ලැබුනා (හි හි). එ වුනාට ගාන මදිවගේ. පොඩි සද්දයක් දාල බලනව තව කීයක් හරි ගන්න. මීට ප. ච. රිලවා

  2. kanishka Tissa says:

    The pastor is again up to something!

  3. රාහුල කොලුවා says:

    කෝ මේ චන්ද්‍රිකා… රටේවත් නැද්ද… එහෙම නැත්තං හැංගිලාවත්ද…?

  4. sira says:

    බුද්ධාගම කන ඇට රිළවා,,

  5. David Milli-Banda says:

    Gona harenne thanakola mitiyat dakalada ?

  6. BARCARDI says:

    When people are against the PRABAKARAN this man also went against Prabakaran. There is huge unhappy among the people about Central Bank Robbery. It is a good opportunity to him to get political gain again.
    This man is BEHIND the people .Do not trust this man.

  7. නිළමේ says:

    ආණුඩුව පෙරලාදමන්න මේ කේස් එකම ඇති.

Main News