මහා භාණ්ඩාගාරය හිස්.. ආර්ථික වර්ධනය 2.7%යි…

November 24, 2019 at 6:48 pm | lanka C news
මහා භාණ්ඩාගාරය හිස්.. ආර්ථික වර්ධනය 2.7%යි…

සුළු ජාතින්ගේ ජන්දය නොමැතිව මැතිවරණ ජයග්‍රහණය කල නොහැකි බව කියන මතය මෙවර ජනාධිපතිවරණයේදි බිදහෙලු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික්  සංවිධායක සහ පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබාදුන් නුවරඑලිය හගුරන්කෙත ප්‍රදේශයේ සිය පාක්ෂකයන්ට ස්තුතිය පල කිරිම සදහා හගුරන්කෙත ප්‍රදේශයේ පැවති රැස්විමකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ

‘ඔබ 70% පමණ මහින්ද රාජපක්ෂ  මහතා විශ්වාස කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දුන්නා. එ නිසා දැන් සැනසිල්ලේ අපිට නිදහස් රටක් තියෙනවා කියලා හිතන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ මහතා එදා යුද්ධය අතු ගලා දනවා කිව්වම රනිල් වික්‍රමසිංහ කිව්වේ මහින්ද අතු ගාන්න තමව කොස්ස හොයා ගන්න බැරුව ඉන්නේ කියලා.

හැබැයි අවුරුදු 1 ½ පස්සේ කාටවත් ඉවර කරන්න බැ කියපු යුද්ධය ඉවර කලා, ග්‍රාමිය සංවර්ධනය සිදු කලා, මහ මාර්ග කාපට් කලා.

කොන්ක්‍රිට් පාරවල් කියන එක ආවේ මහින්ද රාජපක්ෂ මහාතාගේ පාලන කාලයෙන් පස්සේ, සැම ප්‍රදේශයකටම විදුලි  සහ සංවර්ධනය සිදු කලා.

එදා බොරුව සමාජගත කල නිසා ජන නායකයා  පරාජය කලා.

පහුගිය මැතිවරණයෙන් අපිට අහන්න තිබුණ දෙයක් තමයි සුළු ජාතින්ගෙන් ජන්දය නැතුව කාටවත්  ජයග්‍රහනය කරන්න බැ කියන එක.

අපි එකත් බිද හෙලුවා.

දැන් තමයි අපිට හරිම සරල ජනාධිපතිවරයා ඉන්නේ, 2500 ජනාධිපති කාර්යයාලයේ හිටියා, 250 ට අඩු කර ගත්තා. එ නිසා  රටේ වියදම අඩු කර ගන්න පුළුවන්.

අපිට හිස් භාණ්ඩාගාරයක් හම්බෙලා තියෙන්නේ, මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාර දෙනකොට අපේ අර්ථික වර්ධනය 6.8 යි, දැන් අපි භාර ගන්නකොට 2.7යි.

අපි ආර්ථික වශයෙන් නැවත උඩට ගෙන්න ඕනි, ජාත්‍යන්තර සබදතාවයන් ගොඩනගාගෙන ඉදිරියට යායුතු වෙනවා.

භාරකාර ආණ්ඩුවක් හැටියට කැබිනට් මණ්ඩලය 15 දක්වා අඩුකලා’ යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

283 views

9 Comments to “මහා භාණ්ඩාගාරය හිස්.. ආර්ථික වර්ධනය 2.7%යි…”

  1. Wijebahu says:

    you are in driving seat my dear. don’t give any excuses. just drive.

    • Dp says:

      On the driving seat true.but no tires..even the rims have been sold out for බෝතල් පත්තර . and that too just for daily expences . we are yet to open out the engine and see if its just only the outer housing . even the engines internal parts would have been given for බෝතල් පත්තර.such is the damage done by so called economic pundits

  2. KP says:

    To international media and politicians of GB, EU and US
    If one, let alone analyse but even, glances through international media, often backed by politicians of GB, EU and the US, over the last week, it is obvious that they have pre-judged the 5 year outlook into the future of Sri Lanka. One media oulet reports “Former defence secretary wins Sri Lanka presidential poll as human rights concerns rise”. Was the election free and fair – yes
    Did GR receive a genuine majority – yes
    Was the election democratic -yes
    Then how in the hell just days after election this media raise “human rights concerns”. Merely because it is GR who wins. Merely because they have pre-judgements over GR.
    At least SHOW that you are not bias and pre-judgemental!

  3. Upul says:

    There is no point in playing the blame game. You wanted the power and now you got it. Stop whining and get along with the work.

  4. Sadda says:

    සුලු අපනයනය භෝග මිල අඩුවීමෙන් නිශ්පාදකයා ගලවාගැනීමට මහ මැතිවරණය ට පෙර වැඩ කරන්න.මම නිශ්පාදකයෙක් නොවේ. ඒත් ඔය ක්ශේත්‍රයේ බොහෝදෙනෙක් ගෝටාභය මැතිතුමාට චන්ද දුන්නා ඒ විපතින් ගොඩ යන්න.

  5. MKG UPALI says:

    රජයේ නිලධාරින් දැන දැනම අනවශ්‍ය ආකාරයට මුදල් නාස්ති කරමින් නටන නෙයියාඩගම් නවත්වා මුල්‍ය විනය ඇති කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාරණයකි.

  6. ඕක තාම තියෙනවද? අර්ජුන් මහේන්ද්‍රන් සින්ගපුරුවට අරන් ගියා නේද? says:

    ඕක තාම තියෙනවද? අර්ජුන් මහේන්ද්‍රන් සින්ගපුරුවට අරන් ගියා නේද?

  7. Nim says:

    ARJUNA WAHAAMA
    KUDALAGENA AWETH
    MAHA BANKU MANKOLLA
    KARU ATHULU
    AYATA SAMBANDA
    SEYALU DENAGEEMA DEEPALA
    RAJASANTHAKA KARA
    JAMPARA ANDANA THURU

    JANATHAWA BALASETEE.

Main News