මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE

November 11, 2021 at 12:40 pm | lanka C news
මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE

නිති විරෝධිව ට්‍රෝලරයකින් රැකියා සොයා කැනඩාවට යාමට සුදානමින් සිටිය දි හලාවත මෝයේ දි රැදි සිටිය දි අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රබල එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් දෙදෙනෙකු සිටින බවත් එයින් එක් කොටි සාමාජිකයෙක් මෙරට දෙමළ පිරිස් රැකියා සදහා විදේශයන් කරා යවන සංවිධානයක ප්‍රබලයෙකු බවත් රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කර ගෙන ඇති බවත් කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වයඹ නාවික විධානයේ නිලදාරින් පිරිසක් විසින් පසුගිය පසුගිය 9 වන දින උදේ හලාවත මෝය අසල රැදි සිටිය දි පිරිමින් 16 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු ද කුඩා දරුවෙකුවද වෑන් රථයක් සමග අත් අඩංගුවට ගෙන හලාවත පොලිසිය වෙත වැඩිදුර පරික්ෂණ සදහා බාර දි තිබුණි.

මෙම පිරිස යාපනය කිළිනොච්චිය වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර ට්‍රෝලර් යාත්‍රාවේ ක්‍රියාකරු වන වෙන්නප්පුව නයිනාමඩමේ පදිංචිකරුවකු ද සිටින බවත් හෙළි විය.

පසුව මෙම පිරිස සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි විමර්ශන නිලදාරින් විසින් පුළුල් විමර්ශනයක් සිදු කළ අතර එහි දි අනාවරණය කර ගත හැකි වි ඇත්තේ අත් අඩංගුවට ගත් පිරිස අතර දෙදෙනෙකු එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රබලයන් බවටත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වත්තල පදිංචි බවත් ඔහු කලින් මාතලේ රත්තොට විසු බවටත් කරුණු අනාවරණය කර ගෙන ඇති බවත් කියයි.

කන්නා නමින් කොටි සංවිධානය මොහුව හදුන්වා ඇති අතර ඔහු හබරණ දිගම්පතන මහා විනාශයටද සම්බන්ධව සිටි අතර කොටින් විසින් අවස්තා ගණනාවක දි සිදු කරණ ලද මහ විනාශයන් රැසකට ද මෙම කන්නා සම්බන්ධව සිටි බවටත් ඔහුට විරුද්ධ මහනුවර අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර ඇති බවත් මොහු 2008 වසරේ දි මැලේසියාවට ගොස් 2014 වසරේ දි පෙරළා දිවයිනට පැමිණි බවත් පසුව ඔහු ශ්‍රී ලාංකික දෙමල ජාතිකයින් නිති විරෝධි ලෙසින් ය්‍රෝලර් යාත්‍රාවලින් විදේශ රැකියාවනට යවන ජාවාරමක නායකයෙකුව කටයුතු කළ අයෙකු බවත් හෙලි කර ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පිරිස කුඩා බෝට්ටු දෙකකින් උඩප්පුව වෙරළින් දියඹ කරා ගෙන ගොස් ට්‍රෝලර් යාත්‍රාවට නංවා පසුව එම යාත්‍රාව ඉන්දිය මුහුදු සීමාවට ගොස් සිටිය දි ඇතිවු සැකයෙන් යළි ගෙන යමින් සිටි පරිස රැගත් ට්‍රෝපරය යළි දිවයිව කරා පැමිණ මහ මුහුදේ අතරමග රදවා කුඩා බෝට්ටු දෙකකින් පිරිස ගොඩ බිම කරා රැගෙන ආ බවටත් කරුණු හෙළි කර ගෙන ඇති බවත් කියයි.

අත් අඩංගුවට ගත් පිරිස රැගෙන යාමට යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව ද මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර එය වෙන්නප්පුව නයිනාමඩම ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියකගේ නමින් ධිවර දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇති බවත් එහි ක්‍රියාකරු ( ස්කීපර් ) එම දැරියගේ ඥාතියෙකු බවටත් හදුනා ගෙන ඇත.

මෙම පිරිස සම්බන්ධයෙන් නාවික හමුදාව රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශන ඒකකය සහ හලාවත පොලිසිය තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවත් කීය.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

48,939 views

13 Comments to “මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE”

  1. saman says:

    ආයිත් කොටි නැගිටින්න හදනවා වගෙයි. කිසිම ඉඩක් දෙන්න එපා.

  2. sana says:

    ammo dan manawa himikam set eka redi ussagena enna niyamithai….

  3. nim says:

    යකෝ මුන්ට යන්න දීපල්ලා . මෙහෙ ඉදල ඇට කන්න ද ?

  4. 3% ට බය බයියා. says:

    හිටපු LTTE නායකයන් ඔය ඉන්නෙ යස අගේට රජසැප විදිමින් .

    • Dilan says:

      ඒක තමයි! යුද්දේ නැති වෙලා නෑනේ! යුද්දේ නැති කෙරුව කියල පම්පෝරි ගහනවා.

  5. රාජු මාස්ටර් says:

    මේ LTTE මිනීමරු සාමාජික ව්‍යාපාරය අවුරුදු ගානක් තිස්සේ මිනිස් ජාවාරම කරගෙන යනවා. මුන් තමන්ගේ ලමයින් අන්තර්ජාතික පාසල් වලට යවමින් ඉංග්‍රීසි භාශාව ප්‍රගුණ කරනවා. අවස්ථාවක් ලැබුණ වහාම බෝට්ටු වලින් ලන්කාවෙන් පනිනවා. යුරෝපීය රටවල් සහ ඕස්ට්‍රේලියාවට පනින මේ මිනීමරු රැල බොරු සහතික සහ ව්‍යාජ චායාරූප රැගෙන යන්නේ එම රටවල් වල රජයන් නොමග යවා සරනාගත සුදුසු කම් ලබාගන්නටයි. ගෝලීය දෙමළ සංවිධානය නමින් පෙනී සිටින කොටි කල්ලිය මේ මිනිස් ජාවාරම සංවිධානය කරන්නේ.

  6. SL 10% රොබරී says:

    මිනිස්සු රට දාල යන එකට නම් මොනවත් කියන්න බැහැ .මෙච්චර් ප්‍රශ්න තියෙද්දී බදු සල්ලි, ණයට ගත්තු සල්ලි ,කොන්තරාත් වල සල්ලි වලින් හිරිකිතයක් නැතිව අති බහුතර පාලකයින් සහ නිලධාරින් පිරිසක් සප්පායම් වෙනවා .

    යන්න පුළුවන් එවුන් පලයල්ලා. මේ රට දියවන්න හොරු 225 සහ රජයේ හොරුත් එක්කම යන්නෙම වල පල්ලට !!

  7. LION says:

    දෙමල ඩයස්පෝරාව මුදල් සොයන ක්‍රම , උතුරට හමුදාව වැඩිකර යුතුය.

    • Sahan says:

      මීගමුවෙන් ඉතාලි පනින් උන් ගැන දන්නේ නැද්ද.
      උන්ගේ සල්ලි යන්නේ තිරු නඩේසන්ගේ ගිණුමට ද?

    • කොටි කතාව says:

      උතුරට හමුදාව වැඩිකරනට දකුණුරට චීනයට විකිණීමට අවශ්‍ය.

  8. Nariya says:

    Baalawayaskaarayekuta toleryaathrawak liyaapadinchikireemata neethiyan idak thiyenawada?

  9. Amaris says:

    නීති විරෝධීව සංක්‍රමණයවීම කිසිසේ නොවලැක්විය හැකි දෙයක් .මෙහි සම්පූර්ණ වරද පවතින රජයේවත් සංක්‍රමිණිකයින්ගෙත් නොව අදාල රජයන්. ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණය නොවන ලෙස විශාල මුදලක් වැය කරමින් ප්‍රචාරක ව්‍යපාරයක් දියත් කරනවා නමුත් සංක්‍රමනකයින්ගෙන් කිසිම අඩුවක් නෑ හේතුව හේතුව එසේ යන සියලුම ද්‍රවිඩ ජාතිකයින්ට ඒ රටේ සරනාගත බාවය ලැබෙනවා. නීති විරෝධීව රටකට ඇතුලුවීම සරනාගත බාවය ලබා ගැනීමට ප්‍රධාන සුදුසුකමක්. කැනඩාව එක්සත් රාජධානිය වගේ රටවලට සරනාගතබාවය සදහා සංක්‍රමනය වන පුද්ගලයින් ව්‍යජ ගුවන් බලපත්‍රයකින් එරටට ඇතුල් වෙනවා
    එවිට අවස්‍ය සුදුසුකම් වලින් 60 % සපුරා අවසන්.

  10. Gon athal says:

    Yakoooo.. please let these people to go another country for better life. Otherwise this culprit bullshit system will destroy whole nation one day…

Main News