මහා මුදල් වංචාවට ඩිලාන් සම්බන්ධයි.. ඇමතිනී තලතා සියළු සාක්ෂි දෙයි.. නමුත් ආණ්ඩුවේ නිසා කට උත්තරයක්වත් ගෙන නෑ..
January 24, 2017 at 11:26 pm | lanka C news
පසුගිය කාලයේදී විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය තුල සිදු වු රුපියල් මිලියන 247.6 ක් වංචාවට හිටපු විදේශීය රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩීලාන් පෙරේරා මහතා සම්බන්ධ බව සති අග ඉංගිරිසි පුවත් පතක් වන සන්ඩේ ලීඩර් පුවත්පත සාක්ෂි සහිතව කරුණු වාර්තා කොට තිබුණි.
හිටපු අමාත්‍යවරයා විසින් සිදු කල වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් එම පුවත්පතේ පලකොට තිබු අතර වර්තමාන විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම වංචා සම්බන්ධ විගණන වාර්තා සියල්ලම මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCID වෙත බාරදි ඇති බව සඳහන් කොට ඇත.
විදේශ රැකියා සඳහා විශේෂයෙන්ම මැදපෙරදිග රටවලට යවන ශ්‍රමිකයන්ට අයත් රුපියල් මිලියන 247.6 ක් හිටපු අමාත්‍යවරයා විසින් මෙසේ වංචා කොට ඇතිබවට සාක්ෂි ඇතත් මේ දක්වා හිටපු ඇමැතිවරයාගෙන් අවම වශයෙන් කට උත්තරයක්වත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCID ගෙන නොමැති බව එම පුවතින් සඳහන් කරයි.
එම පුවත මගින් සඳහන් කරන්නේ මෙම විශේෂ පොලිස් ඒකකයේ පිහිටුවීමට මූලික අරමුණ වූ මූල්‍ය වංචා සම්බන්ධව විමර්ශනය කිරිම,මේ රජයේ තුල තනතුරු දරන ඇමතිවරුන් සම්බන්ධව තිබෙන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට අපොහොසත් ව ඇති බවත් එහෙත් රජයට විරුද්ධ පාර්ශවයන් ගෙන්වා විමර්ශනය කොට සිරගත කිරිම් කරන බවයි.
එමෙන්ම හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා විදේශ රැකියා සඳහා විශේෂයෙන්ම මැදපෙරදිග රටවලට යවන ශ්‍රමිකයන්ගේ සුභ සාධනය සඳහා තිබු රුපියල් මිලියන 247.6 වංචා කොට තම පුද්ගලික සුභ සාධනය සඳහා යොදවා ගැනිම හරහා කල මිලියන ගනනාවක විශාල මූල්‍ය වංචාව මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCID විසින් විමර්ශනය නොකිරීම එම කොට්ටාශයේ ස්වාධීනත්වය සම්බන්ධව ගැටලුවක් පැන නගින බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.
මූලාශ්‍රය මෙතනින්
Dilan ayyata paw athi ane. nikan inndako.
ara file athre ekath ethi ehenam……..
wapara dilo dipan uththara.
ඩිලාන් යූ.ඇන්.පියට බැන බැන හරි ඇතුලට වෙලා ඉන්නේ ඒකනේ තලතක්කේ… එලියට ගියොත් වෙන දේ ඩිලාන් දන්නවනේ…ඔයාට ඒකවත් තේරෙන්නෙ නැතිව කොහොම ඇමතිකම් කරනවද මංදා….