මහා රෑ නිවසකට පැන තිදරු මවකට වෙඩි තබා මරා දමයි…
February 16, 2022 at 6:20 pm | lanka C news
මතුගම නගර මධ්‍යයේ නිවසකට 15 දින රාත්‍රියේ ට්.56 ගිනි අවියක් රැගෙන පැමිණ තිබෙන තුවක්කුකරුවෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් එම නිවසේ සිටි කාන්තාව නිවස තුළදීම මිය ගොස් ඇතැයි මතුගම මුලස්ථාන පොලිසිය කියයි .
මෙලෙස වෙඩි වැදීමෙන් ඝාතනයට ලක්වී ඇත්තේ දිල්ශානි දිල්ෂානි පෙරේරා (38)නැමැති විවාහක දරු තිදෙනකුගේ මවක් වනකාන්තාවක් බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි .
වෙඩි තැබීමට සැකකාර තුවක්කු කරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ තිබෙන බවත් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ ස්වාමියාව ඉලක්කකර ඝාතනය කිරීමේ අරමුණෙන් පැමිණ ඇත්තේද යන්න විමර්ශන සිදුකරන පොලිසිය සැක පළ කරයි.
නිවසට වෙඩි ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ එම කාන්තාව හා ස්වාමියා හා දරුවන් නිවසේ සිට ඇති අතර නිවසේ සිටි දරු තිදෙනාට හා මියගිය කාන්තාවගේ ස්වාමියාට හානියක් සිදු වී නොමැති බව පොලිසිය කියයි .
එම නිවසේ වසා තිබූ කාමරයකට එල්ල කර තිබෙන වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව මියගොස් ඇති අතර ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ කොපු හයක් පොලිසිය සොයාගෙන ඇත.
මතුගම ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරිකයෙකු වූ පුද්ගලයෙකුගේ සමීප ගෝලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවට සිදුකරන විමර්ශනවලින් තහවුරු වෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මතුගම මහේස්ත්‍රාත් වරයා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට කළුතර නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන්නැයි පොලිසියට නියෝග කර තිබේ.
ඝාතනයට හේතුව පරණ කෝන්තරයක් විය හැකි බවත්, ඝාතනය කර පලා ගොස් සිටින සැකකරුවන් හා ඒ සඳහා යොදාගත් ගිනි අවි ,ඝාතනයට පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන බව මතුගම පොලිසිය කියයි.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
පාතාල උන්ව අල්ලලා ඇප දෙන්න නම් අපිට පොලිසියක් සහ පුන්ඩේ අති පණ්ඩිත උසාවියක් ඕනේ නැහැ.
පාතාල මැරයෝ 90% විතර දන්නා සහ ඇප පිට ඉන්න උන්. කුඩු විකුනන්නේ සියපාරක් විතර අල්ලලා ඇප ගත්තු උන්
එහෙම වෙන්න මොන රෙද්දකට උසාවියක් , මහේස්ත්‍රාත් කෙනෙක් ,පොලිසියක් සහ දියවන්නාවක් අපේ බදු සල්ලි වලින් නඩත්තු වෙනවද . (මට වැරදුන ,නඩත්තු වෙන්නේ කුඩු මුදලාලිලාගේ, පාතාල නායකයින් ගේ කප්පම් වලින් වෙන්න ඕනේ )
අති නින්දිත ඝාතනයක්. ඉස්සර මැරුවේ පිරිමි විතරයි , මෑතක් සිට මරා දැමුණු 3 වෙනි ස්ත්‍රිය. රට කොහාටද යන්නේ ?
අත්අඩංගුවට ගන්නෙ නැතුව පාතාල ක්‍රියාකාරීන්ට නිදැල්ලේ සැරිසරන්න ඉඩදීලා තියෙන්නෙ මොකද?
Ko me පොලිස් අමාත්‍ය තුමා
police emathiwarayaa kiyala oba kiwwe ara baagayak thatta melodeyak dannethi harak meeharsekara kiyana
gobba pakayawaneda Ms silva? ehemanam oba niveradee.
පාතාලය නැති කර ජනතාවට බියෙන් තොරව ජීවත් වෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
රටේ තැබෑරුම් වැඩිවෙන්න වැඩිවෙන්න මේ දේවල් අසා ඉන්න වේවි කනගාටුයි.
ඔක්කොටම කලින් දැඩි නීතියක් සම්මතකරල නීතිවිරෝධී ගිණි අවි එකතු නොකරන්නේ මන්ද? නීති විරෝධී ගිණි අවි ලඟ තබාගන්න අයට නියමිත දිනට ප්‍රථම රජයට භාර නොදෙන අයවලුන් සොයා අසු වුනොත් මරණ දණ්ඩනය නියම කරනවානම් ඕවා එලියට ඒවි. ඔය පරයනෙ අවි වලින් මැරුම් කන මිනිසුන්ට ජීවත් වෙන්න තිබෙන අයිතිය තහවුරු කරන්න බැරි රජයක් රටකට කුමටද?
කොටි විනාශ කලා රට දැන් ආරක්ශිතයි කිව්වට කොටි යුද්දෙ කාලෙ වත් සිදු නොවුන ඝාතන රටේ දැන් සිද්ධ වෙන්නෙ. කාන්තාවන් මරනවා, දූශණය කරනවා, චේන් ෂෝ වලින් අත පය කපල මරනවා,මේක දැන් එහෙම පිටින්ම අපායක්? නීතිවිරෝදී අවි දරන්නන්ට රැකවරනය ලැබෙන්නෙම දේශපාලුවන්ගෙන් බුද්ධි අන්ශ වලට මේවා සොයාගන්නබැරිද?