මහා විප්ලවාවාදී නිහාල් ගල්ප්පත්තිගේ පුතාත් පුද්ගලික විශ්ව විද්‍යාලයක..
June 11, 2017 at 12:23 am | lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන පූර්ණ කාලිනයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ පුත්‍රයා ඉගෙනුම ලබා ඇත්තේ පුද්ගලික සරසවියක බව හෙලිව තිබේ.
ෆේස්බුක් ජාලය තුල චතුර විමුක්ති ගලප්පපත්ති විසින් සිය ගණුමේ තබා ඇති සටහන්වලින් මේ බව පැහැදිලි වෙයි.
මුදල් ගෙවමින් උගත් ඔහු දැනට ලංවිම තොරතුරු තාක්ෂණ උපදේශක වරයෙක් ලෙස සේවය කරන්නේ යයිද දැක්වෙයි.
පුද්ගලික සරසවියක ඉගෙන ගැනීමට විශාල මුදලක් වැයවන අතර මන්ත්‍රී නිහාල් ගලප්පත්ති කිසිදු ආදායමක් උපයන්නෙක් නොවන ජවිපෙ පූර්ණ කාලිනයෙකි. ඔහු සිය මන්ත්‍රී වැටුපද පක්ෂ අරමුදලට වැය කරන බව එම පක්ෂය කියයි.