‘මහින්දගෙන් ඇපොයිමන්ට් ගන්න ලොකුබණ්ඩාර ගාවට එන්න ඕන.. එතකම් තමයි මාත් ඉන්නේ’..- හිටපු ජනපතිගේ පුද්ගලික ලේකම්
August 16, 2017 at 12:00 pm | lanka C news
පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්යේ හපුතලේ ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සාමජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කල අතර විශාල පිරිසකගේ සහභාගිත්වයක් එහි දක්නට ලැබිණි.
මුලු දිස්ත්‍රික්කයේම සියලුම ආසන සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගෙන් සම්බන්ධීකරණය හරහා සිදු කල අතර පසුගිය සතිය වනවිට සියලු ආසන ආවරණය කරමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කොට විශාල සමාජිකයින් ප්‍රමාණයක් බදවා ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කලහ.
එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා හපුතලේ ආසනයේ පැවති රැස්වීම සිටි ජනතාව අමතමින් කියා සිටියේ “මහින්ද මහත්තයාගෙන් ඇපොයිමන්ට එක ගන්න ලොකුබණ්ඩාර ගාවට එන්න ඕන එතකම් තමයි මාත් ඉන්නේ” යන්නයි.