මහින්දගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..

August 17, 2018 at 9:20 am | lanka C news
මහින්දගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..

පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අද දිනයේ ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මාධ්‍යවේදී කීත් නොයාර් පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීමක් සම්බන්දයෙන් මෙසේ ප‍්‍රශ්න කිරීමට යයි.

එම ප‍්‍රකාශය ලබා ගැනීම සදහා අද දිනයේ රහස් පොලීසියේ නිලධාරී පිරිසක් මහින්ද රාජපක්‍ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිල නිවස වෙත පැමිනෙන බව මේ වන විටත් දන්වා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතාගෙන්ද මීට පෙර ප‍්‍රශ්න කර තිබේ.

30 views