‘මහින්දගෙ කාලෙ හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ අගය දැන් තමයි තේරෙන්නේ’.. – අනුරාධපුරයේ ධම්මාරාම හිමියෝ කියති..

August 21, 2019 at 8:02 am | lanka C news
‘මහින්දගෙ කාලෙ හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ අගය දැන් තමයි තේරෙන්නේ’.. – අනුරාධපුරයේ ධම්මාරාම හිමියෝ කියති..

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඇජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රටට දැයට කරන ලද මෙහෙවරය අගය කරමින් දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව නාමය ඔහුට අගෝස්තු මස 23 වනදා සවස 4:00ට, රුවන්වැලි මහා සෑය අභියසදී ශ්‍රී ලංකා රාමණ්‍ය නිකාය පිරිනැමීමට නියමිතය.

කබ්රාල් මහතා කියා සිටියේ ඔහුගේ කාලයේදි ලෝක ආර්ථිකයේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයන් තිබියදීත්, එවන් අර්බුද වලින් ලංකාවේ ආර්ථිකය ආවරණය කිරීම හරහා සාමාන්‍ය ජනතාවගේ පවුල් ආර්ථිකයට බලපෑමක් නොවන ලෙස ලංකාවේ ආර්ථිකය හසුරවන්න හැකි වූ නිසා මේ සම්මානය ඔහුට ලැබෙන්නට හැකි වූවා යැයි ඔහු සිතන බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ තමා අධිපති පුටුව හොබවන කාලයේදී තමා සමඟ සමීපයෙන් වැඩ කළ මහ බැංකුවේ නිලධාරීන්ටත් මෙම සම්මානයේ ගෞරවය හිමිවිය යුතු බවයි.

ජාතික ආර්ථිකය හා සංවර්ධනය හරියාකාරව පවත්වාගෙන ගියේ නැතහොත් රටක ආගමක්, පන්සලක්, හෝ වෙන කිසිදෙයක් පවත්වාගෙන යෑමට නොහැකි බව අනුරාධපුර ධම්මාරාම ස්වාමීන්වහන්සේ පැවසුවේය.

යුද්දය පැවති කාලයේදී අජිත් කබ්රාල් මහතා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑම නිසා මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමාට ප්‍රතිපත්ති ගරුකව, නොසැලී ඉදිරියට ගමන් කල හැකි වූ බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියේය.

කබ්රාල් මහතා අධිපතිව සිටි කාලයට වඩා දැන් එතුමාගෙ අගය තේරෙන බවත්, ඔහු දැන් වසර හතරක් තිස්සේ ප්‍රතිවාදීන් විසින් කල කිසිඳු චෝදනාවක් ඔප්පු නොවීම නිසාත් ඔහුට මේ ගෞරව සම්මනය හිමි විය යුතු බවද උන්වහන්සේ පැවසීය.

– midea

Gepostet von Ajith Nivard Cabraal am Dienstag, 20. August 2019

18 views

5 Comments to “‘මහින්දගෙ කාලෙ හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ අගය දැන් තමයි තේරෙන්නේ’.. – අනුරාධපුරයේ ධම්මාරාම හිමියෝ කියති..”

  1. nevil thilak says:

    යහපාලුවන් විසින් විනාශ කරපු මේ රට නැවත ගෝටාභය ප්‍රමුඛ ආන්ඩුවක් ගෙනවිත් කෙසේ හෝ ගොඩ ගත යුතුයි ..

  2. Randi says:

    අපි වැනි ව්‍යාපාරිකයන්ටත් දැන් තමයි තේරෙන්නේ කබ්රාල් මහතාගේ වටිනාකම.

  3. රන්බණ්ඩා says:

    කවදත් අපේ රටේ ජනතාවට, රටට දැයට හරිහමං මෙහෙයක් කරන මිනිස්සුන්ගෙ අගය දැනුනෙ, වටහා ගත්තෙ ඒ අය නැති කාලෙදි.
    අද අපි පසු කරන්නෙත් එවැනිම කාලයක්.
    ඉඳින්, අගය දැනෙනකොට, වටහා ගන්නකොට පෙරහැර ගිහිං ඉවරයි බොලව්.

  4. Gunaruwan says:

    Aththama kathawa Dan inna Maha banku adipathiwaraya ema thanathurata wadath sudusu kena yannayi. Poddak Maha Bankuwe sewaya karana kenekugen wimasanna.

  5. gamarala says:

    ඇජිත් නිවාඩ් කබ්රාල් මහතා රට ආසියාවේ උසස් තත්වයකට ගෙනත් තිබුනා දොන් ජුවන් එය විනාස කලා

Main News