මහින්දගෙ කාලෙ හොදට තිබුණු ක‍්‍රිකට් යහපාලනය යටතේ විනාශයි..- ඇමති අර්ජුන

July 21, 2017 at 3:00 pm | lanka C news
මහින්දගෙ කාලෙ හොදට තිබුණු ක‍්‍රිකට් යහපාලනය යටතේ විනාශයි..- ඇමති අර්ජුන

අද පවතින යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව අගාධයට තල්ලු වී ඇති බවත් ක‍්‍රීඩාවට සූදුකාරයන් ළං කර ගැනීම ඊට හේතුව බවත් හිටපු ක‍්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

පැවති රාජපක්‍ෂ පාලන සමය තුලද ක්‍රිකට්‌ ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් තිබුනද අද තරම් නොතිබූ බවත ඇමතිවරයා පෙන්වා දෙයි.

එවකට ක‍්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කි‍්‍රකට් ක‍්‍රීඩාවට සූදුකාරයන්ට පැමිණීමට ඉඩ නොදුන් බවත් වත්මන් ආණ්‌ඩුවට ක්‍රිකට්‌ හදන්න උවමානාදැයි තමනට දැන් ප්‍රශ්නයක්‌ තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් ක්‍රීඩාව විනාශ වීමට පළමුව ජනාධෙිපතිවරයා හා අගමැතිවරයාට ඉදිරි සති දෙක ඇතුළත සියලු කරුණු ලිඛිතව බාර දෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

මේ බව සදහන් කරමින් ඇමතිවරයා විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවඩුය මෙසේය.

39 views