මහින්දගේ අයට විතරක් ඡන්දය දෙන්න.. මෛත‍්‍රිපාලටත් ඔහුගේ අයටත් ඡන්දය දෙන්න එපා..

June 16, 2020 at 12:00 pm | lanka C news
මහින්දගේ අයට විතරක් ඡන්දය දෙන්න.. මෛත‍්‍රිපාලටත් ඔහුගේ අයටත් ඡන්දය දෙන්න එපා..

මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි.

ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි.

රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසු ඇමතිවරයා ඔහු නැවත පාර්ලිමේන්තුවට පත් කීරීමේ පාපයට පොළොන්නරු ජනතාව මෙවර හවුල් නොවනු ඇතැයි ද කීවේය.

බිංගිරිය, රන්තැටියාව, රන්තරු උත්සව ශාලාවේ ඊයේ (15) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම දැනුවත් කරමු – යළිත් අපි නැගිටිමු රැස්වීම් මාලවේ බිංගිරිය ආසනයේ රැස්වීම වූයේ මෙයයි.

රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“මම මහින්ද මහත්තයා වෙනුවෙන් එළියට බැස්සේ. එදා මගේ නිළ නිවාස නැති වුණා. මහඇමතිකම නැති කරන්න හැදුවා. පවුලේ සහෝදරවරු මාව අතෑරියා. මාව, නෝනාව හිරේ දාන්න හැදුවා. මේ හැමදේකටම මම අහු වුණා. ඒත් මම මහින්ද මහතත්යාව අතහැරියේ නෑ. මෛත්‍රී – රනිල් කියන්නේ එළ හරකයි – මී හරකයි වගේ. රට දෙපැත්තට ඇද්දා. රටේ දේශපාලන ස්ථාවරය නැති කළා. ආයෝජකයෝ රටට ආවේ නෑ. ආව ආයෝජකයන්ගෙන් මුන් කප්පම් ඉල්ලුවා. මහ බැංකුව මහ දවාලේ එළිපිට හොරකම් කළා. සමලිංගික පණත් පාර්ලිමේන්තුවට ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බෞද්ධ ආගමට විරුද්ධ අණපණත් ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ අන්තවාදීන්ගේ උවමනාවටය. පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු දැනුම් දීලා තියෙනකොටත් ඒක වළක්වාගන්න රනිල් – මෛත්‍රී ආණ්ඩුවට බැරි වුණා. රනිල් – මෛත්‍රී වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු සියලු දෙනා මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි. යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන කමිටුවක් පත් කළේ චෝදනා එල්ල වූ සිය ගජමිතුරන්ට සුදුහුණු ගෑමටයි. කමිටුවේ හිටියා ලපකුමාරගේ ගෝලයෙක්. බෝම්බකරුවෝ දෙන්නෙක්ගේ තාත්තා ජෙ.වි.පි ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්.

බැරිවෙලා හරි මේ කොරෝනා එන වෙලාවේ රනිල් – මෛත්‍රී ජෝඩුව බලයේ හිටියානම් මේ රටට අබ සරණයි. එහෙම මෛත්‍රී රටේ කොරෝනා රෝගීන් ගැන දැන ගන්නේ පත්තරෙන්. රනිල් කොමිසමක් ඉල්ලයි. කොමිසම හොයන්නේ කොරෝනා ගැන නෙමෙයි. කොරෝනා වල මුල අකුර සී ද කේ ද කියලයි. ඇමෙරිකාවේ ලක්ෂ ගාණක් මැරුණෘ. අපේ එහෙම මැරණේ නෑනේ කියයි. රටේ වාසනාවට තමයි කොරෝනා එනකොට රනිල් – මෛත්‍රී ඩබල නොහිටියේ.

පක්ෂයක් හැදුවොත් අපිව පාරේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයට ඡන්දය ඉල්ලමින් පොළොන්නරුවේ පාරක් පාරක් ගාණේ යනවාලු. මම පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලනවා මෛත්‍රීට ඡන්දය දෙන්න එපා කියලා. මෛත්‍රී රටත් කෑවා. පක්ෂයත් කෑවා. එතුමාගේ පස්සෙන් ගිය ශ්‍රීලනිපයේ මිනිස්සුන්ට අද මොකද වෙලා තියෙන්නේ. යන එනමං නැතිවෙලා. රටම නැති කරලා පක්ෂයත් නැති කළා. ඒ වගේම තමයි සජිත් ගැන කථා කරලා වැඩක් නෑ. සජිත් කියන්නේ මන්ද බුද්ධිකයෙක්. බැරිවෙලාවත් සජිත් රටේ නායකයා වුණානම් ඒත් අබ සරණම තමයි. සජිත්ගේ තාත්තා 88 – 89 කාලයේ මිනී මැරුවා තමයි. අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සජිත්ලා මොනවද කළේ.?

2015 ජනාධිපතිවරණයේ දී  58 ලක්ෂයක් ගත්තා. නමුත් 2015 මහ මැතිවරණයේ දී අපිට හම්බවුණේ ලක්ෂ 48 යි. සාමාන්‍යයෙන් රටේ හැසිරීම ඒකයි. හැමදාම දිනන පැත්ත උඩ යනවා. පරදින පැත්ත පහළට යනවා. මේ පාර වෙන්නේ ඒකයි. 69 ලක්ෂයක් ගත්ත අපි උඩට යනවා. යූ.එන්.පි එක යට යනවා. මේ පාර යූ.එන්. පි එක දෙකඩ වෙලා කුජීත වෙලා ගිහින්. තවත් ඡන්ද අඩු වෙනවා. පුතාණෝගේ ජනාධිපති සිහිනය කුඩු පට්ටම් වුණා. මේ වෙනකොට අගමැති සිහිනයත් කුඩු පට්ටම් වෙලා ඉවරයි. මේ පාර මැතිවරණයේ පක්ෂ නායක හීනයත් කුඩු පට්ටම් වෙනවා.

හැබැයි මේ මැතිවරණයේ දී අපි හුගක් ප්‍රවේශම් වෙන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය ඔන්න මෛත්‍රීගේ ෆොටෝ අතෑරලා මහින්ද මහත්තයාගේ ෆොටෝ ගහගෙන එනවා. අපි මේ මැතිවරණයේ දී මහින්ද අත නොහැර යන අයට ඡන්දය දෙන්න ඕනෑ. මොකද නැතිනම් පාර්ලිමේන්තුවේ දී මුදලට තනතුරු වලට විකිණෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේ දී රට ගැන හිතා ඔබේ මනාපය පළ කරන්න.”

– ප්‍රදීප් අනුර කුමාර

86 views

24 Comments to “මහින්දගේ අයට විතරක් ඡන්දය දෙන්න.. මෛත‍්‍රිපාලටත් ඔහුගේ අයටත් ඡන්දය දෙන්න එපා..”

  1. බන්දුල රණතුංග says:

    මොකටද මිහරකෝ තොපි නාමයෝජනා දුන්නේ නිදහස් පක්ෂෙට? දැන් හු.න කතා නොකිය චන්දෙ කරපන් එකතුවෙලා. නැත්තම් තෝ අයින් වෙයන්මුසලයා

Main News