මහින්දගේ අලූත් පක්ෂයට අලූත් ‘නම්’ ගංගාවක් ගලයි.. එක දිනට නම් 1128යි..
October 3, 2016 at 6:48 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්සයට නමක් යෝජනා කරන්නැයි මහජනතාව වෙත කරනු ලැබූ ඉල්ලීම මත එක් දිනයකදී පමණක් ඊට නම් 1128ක් ලැබී ඇති බව ඒකාබද්ධ විපක්ෂය කියයි.
පසුගිය සෙනසුරාදා දිනයේ ඒකාබද්ද විපක්ෂය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිවේ නව පක්ෂට නමක් හා ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සුදුසු යෝජනා යෝජනා කර එවන ලෙසයි.
ඒ සදහා අන්තර්ජාලය සහ ලිපි මාර්ගයෙන් ලැබෙන ප්‍රතිචාර බාර ගනු ලබයි.
නම් හා අදහස් බාර ගැනීම මේ සතිය පුරාම සිදුවන නිසා ලිපි මගින් නම් 316, නෙළුම් මාවත, බත්තරමුල්ල ලිපිනයටත්, අන්තර්ජාලය ඔස්සේ නම් newpartyname@hotmail.com යන විද්‍යුත් තැපෑලට යොමු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.
වෙනත් ක්රමයන් ඔස්සේ යෝජනා කරන අදඑස් හා නම් බාර ගැනීමට නොහැකි නිසා ඉහත ක්‍රම දෙක ඔස්සේ පමණක් යෝජනා එවන ලෙස ඉල්ලා සිටින ඒකාබද්ද විපක්ෂය එසේ එවනු ලබන සියළු නම් හා යෝජනා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දෙන බවද කියයි.
Ekabadda horunge ekamutuwa.