මහින්දගේ ආණ්ඩුවට වඩා මේ යහපාලන ආණ්ඩුව හැම අතින්ම හොදයි.. මහින්ද පන්දා දැමීම ඉතා නිවැරදියි..- ජවිපෙ
March 22, 2017 at 12:00 pm | lanka C news
වත්මන් ආණ්ඩුව මොන තරම් වැරදි කලත් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට වඩා හොද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේදී කියා සිටියේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කල යුතුම වූ නිසා තම පක්සය ඒ වෙනුවෙන් උපරිම ලෙස වැඩ කල බවයි.
එදා පැවතියාට වඩා නිදහසක්, ප්රජාතන්ත්රවාදයක් අද ඇති බවද කී ඔහු මොනවා කියුවත් ඒ ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොද බවද තියා සිටියේය.