මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී..

November 19, 2016 at 10:00 am | lanka C news
මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී..

පසුගිය වසරේ පමණක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව නයිජීරියාව බුරුමය ඇතුළු විදේශ රටවල් කිහිපයකට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කිරීමට යන මාතෘකාව යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 585ක් එනම් රුපියල් බිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්ෂික මුල්‍ය වාර්තාවේ සදහන් කොට ඇත.

එහෙත් එම වාර්තාවේ මෙසා අති විශාල මුදලක් ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන ගැන කිසිම සඳහනක් කොට නොමැති බව එම වාර්තාවේ සඳහන් වන බව රුසියානු රූපවාහිනි සේවය වාර්තා කරයි. නමුත් සමස්ථයක් හැටියට එම මුදල් ලාබදුන් පාර්ශවය හැටියට සඳහන් කොට ඇත්තේ ඇමරිකාවට විශ්වාස හා සම්බන්ධතා ඇතික් එම රටවල නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෝ අලුත් වෙනස්කම් ඇතිකරන්නෝ සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන්නෝ ලෙසයි.

එමෙන්ම මෙ මුදල් ලබාදීම හරහා එම රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් බිහිකිරීමන් ඇමරිකාවට මෙන්ම මිතුරු රටවලට ඇතිකරන තර්ජන අඩුකිරිමක් සඳහා මෙම මුදල් යොදවා ඇති බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එම වාර්තාව සඳහන් කොට ඇති බැව් රුසියානු රූපවාහිනි සේවය සඳහන් කරයි.

වැඩිදුරටත් රාජ්‍ය ලේකම්ගේ මූල්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘මෙම මුදල් ලබාදීම හරහා එම රටවල ක්‍රියාකාරින් විසින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සෑම දෙනාගෙම අභිලාෂයන් ආරක්ෂිත කිරීම සඳහා මෙම මුදල් යොදවා ඇත’ යනුවෙනි.

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ආකාරයෙන්ම ඇමරිකාව රුසියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලබාදීමට කටයුතු කල අතර රුසියානු ආණ්ඩුව පසුගිය ජූනි මස සිට එසේ මුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රුසියාව තුල ක්‍රියාත්මක වීම වහාම තහනම් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ‍්‍රය මෙතනින්

75 views

29 Comments to “මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී..”

  1. sira says:

    Kaatawath benala wedak nehe, Mahinda thamayi waga kiyanna one… Yudden passe rata winaasayata aran giye… Eka eka ratawal walin padhinchi welaa, ape rata apita nathi unaa…

  2. කමනි says:

    ඔය එලිවෙන්නේ හොරු බඩුයි දෙකම,

  3. වෛද්‍ය ජයම්පති says:

    ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පසුගිය වසරේ හිටපු ගමන් අයර්ලන්තයේ කාර්යාලය පිහිටුවීමට ගියේ ඔය ඩොලර් කුට්ටි ගේන්න තමයි.

  4. සුනිමල් says:

    ජෝන් කෙරිගේ ශ්‍රීලංකා නියෝජිත මංගල සමරවීර සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි,

  5. Jude Michel says:

    මේ ඩොලර් ලංකාවට ගෙනාවේ මංගලගේ හොඳම ගෝලයා තුසිත හල්ඔලුව ඇවන්ගාඩ් එකේ නිශ්ශංක සේනාධීපති හරහා බොරු බිල්පත්වල වටිනාකම පෙන්නලා නැව් වලට ආරක්ෂාව දුන්නා කියලා,

    • Sihala Yaka - සිහල යකා says:

      හිකිස් කවුද මේ විහිලු කාරය ? ටොයියෙක් වගේ පේන්නේ.
      ඔයා හිතුවද ඇමෙරිකන් ඔත්තු සේවා කාරයො අන්න අහවලාට දෙන්න කියල ලංකාවෙ කාගෙ හරි අතේ සල්ලි එවනව කියල ?

  6. Champa says:

    බැබලි බැබලි තිබුණු ඇමරිකන් තරු ඩිම් වෙලා බැහැගෙන යනවා වගේ, local තරුත් බැහැලා යවමු ඊළඟ අවුරුද්දේ. කවදද විමල් අර කිව්ව දවස?

  7. ss says:

    me dolar gatha kako thamayi sobithawa wata kara gena olowa awolkarala ratata erehi wenda mehowe. ane sobitha mewa danne naha.

  8. dhathusena says:

    තමන් අයෝජනය කරපුවගෙ ප්‍රතිලාභ බලන්න තමයි මු සැරෙන් සැරේ ලන්කාවට රින්ගුවෙ…..අපේ මහ එව්වො කිව්වෙනම් ජාත්‍යන්තරය දිනුව කියල.ජාත්‍යන්තරය දිනුව නෙමෙයි යකෝ අපේ රට පව්කාර හැත්ත එකතු වෙල වික්ක.අර සුජීව සේනසින්හ කියන මජරිය කිව්ව මට මතකයි “කේරි ආවා ගහන්න අත්පුඩියක්,මෝදි ආවා ගහන්න අත්පුඩියක්” කියල. දැන් කියපන් ආවා යාපනේ ගහපන් අත්පුඩියක් කියල…නිහඬව තිබුන රට අපායක් කරාට තොපිට හෙන ඉල්ලනව බල්ලනේ..

  9. lion says:

    මේ තියෙන්නේ අද රටේ ඇත්තටම වෙන දේ ……
    මේකේ ඉන්න කළු සුද්දෝ කවුද කියල හිතා ගන්න

    https://www.facebook.com/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83-%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%AF-1492045457752927/

  10. රතන නොදුටු මොක්පුර කෝටිගනනින් වාහන ලැබෙන විට සුක්පුර​?

Main News