මහින්දගේ ආරක්ෂාව අඩු කලේ නිසි තක්සේරුවකින් පසුවයි..- සාගල
May 6, 2017 at 8:40 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ඉවත් කරනු ලැබුවේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කිරීමෙන් පසුව බව ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මාස හයෙන් හයට සිදු කරනු ලබන ප්‍රභූ ආරෂාව පිලිබද තක්සේරුව මත ප්‍රභූ ආරක්ෂාව අඩු වැඩි කිරීම සාමාන්‍ය දෙයක් බවද කී ඇමතිවරයා ඒ හැර හිටපු ජනපතිගේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට වෙනත් හේතුවක් නැති බවද පැවසීය.
මේ වන විටත් හිටපු ජනපතිගේ ආරක්ෂාය සදහා පොලිස් විශේෂ කාර්ය බලකායද සමගින් 187 දෙනෙකු යොදවා ඇතැයිද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.