‘මහින්දගේ ගැසට් නිවේදනය අනුව බැදුම්කර නිකුත් කලා’ කියමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති කොමිසම නොමඟ යවයි..

February 27, 2017 at 7:06 am | lanka C news
‘මහින්දගේ ගැසට් නිවේදනය අනුව බැදුම්කර නිකුත් කලා’ කියමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති කොමිසම නොමඟ යවයි..

මහ බැංකුවේ සිදු වූ මහා බැදුම්කර වංචාව සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කල බැදුම්කර කොමිසම හමුවේ පසුගිය 23 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සාක්ෂි දෙමින් පැවසුවේ එවකට සිටි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015 ජනවාරි මස පලමුවෙනිදා නිකුත් කල ගැසට් නිවේදනයකට අනුව ප්‍රශ්නගත රුපියල් බිලියන 10 ක බැදුම්කර නිකුත්වක් සිදු කර ඇතැයි යන්නය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන කේ ටි චිත්‍රසිරි ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගනකාධිපති කන්ද සාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සාක්ෂි විභාග කෙරුනි.

කොමසාරිස් වරුන් වන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ප්‍රශ්නයක් නගමින් විමසුවේ: “මෙම ගැසට් නිවේදනය නිකුත් කිරිමේ යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නේද?

ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලෙස ප්‍රකාශ කලේ: ‘මේ සිදු වීම වූ සමයේ මා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා නොවෙයි, එවකට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කලේ ආචාර්ය පී බී ජයසුන්දර මහතායි’ යන්නයි.

එවිට කොමිසමේ කටයුතු තාවකාලික නතර කර දැමීමට තීරණය කල එහි කොමසාරිස් වරුන් මෙම ප්‍රශ්නගත ගැසට් නිවේදනය නිකුත් කල දිනය පිලිබඳව රජයේ මුද්‍රණාලාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලබා ගැනිමට කොමිසමේ විමර්ශන නිලධාරින්ට නියෝග කලේය.
වැඩි දුර සාක්ෂි විභාගය 27 වෙනි සඳුදා දක්වා කල් තබන ලදි.

මූලාශ‍්‍ර – ලංකාදීප

18 views

3 Comments to “‘මහින්දගේ ගැසට් නිවේදනය අනුව බැදුම්කර නිකුත් කලා’ කියමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති කොමිසම නොමඟ යවයි..”

  1. පට්ට ස්වාධීන අධිකරණය​ says:

    දැන් වැරැද්ද බැඳුම්කර විකුනපු එකද​, ඒහෙම කරනවා කියල ගැසට් නිවේදන නිකුත් කළ එකද​, වංචනිකව හිතවතෙකුට දීපු එකද​?

  2. HOMOSEX PM & KEPPA SIRA says:

    This is the bunch of KAMBAHORU.

  3. බන්ඩයියා says:

    දැන් ටොය්යො කියය් බෑනගෙ සමාගමට බැඳුම්කර නිකුත්කරන්න කියල මහින්ද මහත්තය ගැසට් නිවේදනයකින් කල් තියා දැනුම් දුන්නා කියල.

Main News