මහින්දගේ ගෙදර අවුරුදු උත්සවයේ මහ බැංකුව බිදීම, ලැම්බොගිනි සෙවීම, රත්රන් අශ්වයින්ට ඇස් තැබීමට තරග වදී.. ලැම්බොගිනි හා හෙලිකොප්ටර් තෑගි බෙදයි..
April 13, 2017 at 4:40 pm | lanka C news
දකුණු පළාත නියෝජනය කරන ඒකාබද්ද විපක්ෂයේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්රිවරුන්ගේ සහභාගීත්වයෙන් අද තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපතිගේ කාල්ටන් නිවසේදී අපූරු තරගවලින් සමන්විත අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වින.
මහ බැංකුව බිදීම, ගූගල් වයිෆයි බැලූන්, රත්රන් අශ්වයාට ඇස තැබීම, ලැම්බොගිනි සේවීම, ආදී නම්වලින් එහි තරග නම් කර තිබින.
සැඟවුනු අමුත්තා සෙවීම එහි නම් කර තිබුනේ මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා යනුවෙනි.
එම තරගවලින් ජයගත් අයට හිටපු ජනාධිපතිවරයා අතින් බෙදා දෙනු ලැබුවේ ලැම්බෝගිනි සෙල්ලම් කාර් හා සෙල්ලම් හෙළිකොප්ටර්ය.