මහින්දගේ චීන ගමනින් දේශපාලනය කැළඹේ.. ඇමරිකා රජය මහින්ද සමග හදිසි සාකච්චාවකට සූදානම්..
December 6, 2016 at 10:00 am | lanka C news
ඇමරිකා එක්සත් ජනපද රජය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.
ආරංචි මාර්ග පවසන්නේ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් එම සාකච්ඡා සදහා සූදානම් කෙරෙමින් ඇති බවයි.
අදාල සාකච්චා පැවැත්වෙන්නේ මෙරට වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් බවද දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරයා පසුගියදා චීනයේ නිල සංචාරයක නිරත වී ආපසු මෙරටට පැමිණි දිනයේම කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා හිටපු ජනපතිගේ නිවසටම ගොස් ඔහු මුන ගැසී සාකච්චාවක් පැවැත්වී දින කිහිපයකට පසු මෙම සාකච්චාවද සූදනම් වෙමින් තිබීම විශේෂය.