මහින්දගේ නායකත්වය පිලිගනී.. 16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක්වේ.. සම නායකත්වයට WDJ හා SB…

June 22, 2018 at 11:20 am | lanka C news
මහින්දගේ නායකත්වය පිලිගනී.. 16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක්වේ.. සම නායකත්වයට WDJ හා SB…

ඉදිරි සතියේදී පටන් ශ‍්‍රීලනිප 16 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ තම කණ්ඩායම කටයුතු කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ බවයි.

තම කණ්ඩායමට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂයේ ඇතැමුන් විසින් කරන ප‍්‍රකාශ ගණන් නොගන්නා බවත් කී ඔහු ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප 23 දෙනාට ගමට යන්නට බැරි නිසා 16 කණ්ඩායම වහ කදුරු වී ඇති බවත් සදහන් කලේය.

ඉදිරියේදී තම කණ්ඩායමේ සම නායකයන් ලෙස ජෝන් සෙනෙවිරත්න හා එස්.බී. දිසානායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කටයුතු කරනු ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

116 views
Main News