මහින්දගේ පොදු ජනතා මැයි රැලිය ගාමු මුවදොරදී.. විපක්ෂයේ වැඩිම පක්‍ෂ හා වෘත්තීය සමිති එකතුවෙන් ජන ගගක් සමග මහ ඉහලින්..

March 30, 2017 at 11:20 am | lanka C news
මහින්දගේ පොදු ජනතා මැයි රැලිය ගාමු මුවදොරදී.. විපක්ෂයේ වැඩිම පක්‍ෂ හා වෘත්තීය සමිති එකතුවෙන් ජන ගගක් සමග මහ ඉහලින්..

කම්කරු අයිතින් වෙනුවෙන් පැවත්වෙන ආණ්ඩු විරෝධී විශාලතම මැයි රැලිය මෙවර මැයි පලවෙනිදා කොළඹ ගෝල්ෆේස් පිට්ටනියෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු විපක්ෂයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවතිවීමට ඊයේ පැවති පොදු විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදි තීරණය විය.

හම්බන්තොට වරාය, ජලය, විදුලිය. ඛනිජ තෙල් ඇතුළු සියලු රාජ්‍ය සම්පත් විදේශිකයන් ඇතුළු තම හිතවතුන්ට කුණු කොල්ලයට විකිණීමේ වැඩපිළිවෙළ පරාජය කිරීම, බදු පිට බදු දුප්පත් කම්කරු ජනතාව වෙත පටවමින් තම දේශපාලන හෙන්චයින්ට කෝටි ගනන් මුදල් හම්බ කරගැනීමට ඉඩ සලසමින් මහා බැංකුවේ සිදු වූ මහා දවල් හොරකම වැනි දූෂණයන්ට විරුද්ධවත්, ගොවියා කම්කරුවා ඇතුළු නිර්ධන පන්තියේ ජනතාවට එල්ල කරන පීඩනයට විරුද්ධවත්, රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසමින් රාජ්‍ය සේවාවේ කප්පාදුවට විරුද්ධවත් මෙම මැයි රැලිය සංවිධානය කරන අතර මේ දුර්දාන්ත පාලනයට විරුද්ධ සියලු පිඩීත ජනතාවට ගෝල්ෆේස් මැයි රැලිය වේදිකාවක් කිරීම සංවිධායකයින්ගේ අරමුණ බව එහිදි තීරණය කලහ.

මෙම රැස්වීම ඊයේ සවස බත්තරමුල්ල නෙලුම් මාවත කාර්යාලය දී පැවති අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොදු විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රීලංකා මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ඇතුළු පක්ෂ ගණනාවක්ම මෙන්ම ඒවාට සම්බන්ධ සියලුම වෘත්තීය සමිති හ සංවිධාන එකමුතුව මෙම රැලිය පැවත්වීමට තීරණය කරන ලදි.

257 views
Main News