මහින්දගේ උදාර මනුස්සකම ගැන සුජීව ප‍්‍රසිද්ධියේ කියයි..තව නොකී කතා ගොඩයි..අමනුස්සයන් කවුදැයි නොකියයි..[Video]

May 15, 2017 at 10:46 pm | lanka C news
මහින්දගේ උදාර මනුස්සකම ගැන සුජීව ප‍්‍රසිද්ධියේ කියයි..තව නොකී කතා ගොඩයි..අමනුස්සයන් කවුදැයි නොකියයි..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැගණියගේ අවසන් කටයුතු සදහා යාමට නොහැකි වූ තමන් හත් දවසේ බණ ගෙදරට ගියේ මන්දැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අද පැවති ජන හමුවකදී පැහැදිලි කලේය.

තම පියා මිය ගිය අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා තමනට දුරකතනයෙන් අමතා ශෝකය පල කල බවත් එහි කලගුණ සලකන්නට තමන්ට බණ ගෙදරට විනාඩි දෙකකට ගොඩ වූ බවත් ඔහු සදහන් කලේය.

තමන්ගේ එම ගමන කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂය අතහැර යාමේ පෙර සූදානමක් නොවන බවද ඔහු දැඩිව කියා සිටියේය.

අදටත් තමන් රාජපක්‍ෂ මහතාට මන්ත‍්‍රීතුමා කියා අමතන්නේ නැති බවත් හිටපු ජනාදීපති ලෙස අමතන බවත් කී ඔහු ඒ මනුස්සකම තමන් සැමදා රකින බවද කීය.

97 views