මහින්දගේ මැතිවරණයට චීනයෙන් ඩොලර් මිලියන 7ක්.. මිලියන 1.7 චෙක් දෙකක් අරලියගහ මන්දිරයට.. සහය දැක්වූ ප‍්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 38,000ක්..- Newyork Times හෙලි කරයි..

June 27, 2018 at 9:20 am | lanka C news
මහින්දගේ මැතිවරණයට චීනයෙන් ඩොලර් මිලියන 7ක්.. මිලියන 1.7 චෙක් දෙකක් අරලියගහ මන්දිරයට.. සහය දැක්වූ ප‍්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 38,000ක්..- Newyork Times හෙලි කරයි..

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 976 ක් වූ සම්පුර්ණ මුදලෙන් අවසන් වාරිකය චීන සමාගම විසින් පසුගියදා ලබාදුන්න ද ශ්‍රී ලංකාවේ සම්පත් චීන උගුලකට අසුවීම පිළිබඳව තවමත් දැඩි අවදානමක් වී ඇත.

ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින වැනි විවිධ රටවල්වල ද ණය උගුල් භාවිත කරමින් චීනය ක්‍රමෝපායිකව ස්ථානගතවන බව විවිධ පාර්ශව චෝදනා එල්ල කරති.

අමෙරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ ඉඳි වූ හම්බන්තොට වරාය 99 වර්ෂයක බද්දකට ලබා ගැනීම ණය උගුල භාවිත කරමින් ලොවපුරා තමන්ගේ බලය තහවුරු කිරීමේ වෑයම කදිම නිදසුනක් බවයි.

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ හා බටහිර නිලධාරීන් සමග මාස ගණනාවක් පුරා පැවති සම්මුඛ සාකච්ඡා තුළින් හා වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් හා ලිපි ලේඛන අධ්‍යනය කිරීමෙන් පසුව සම්පාදනය කළ මෙම ගවේෂණාත්මක පුවත්පත් වාර්තාව සකස් කර තිබේ.

කුඩා රටවල්වල චීනය හා චීන රජයේ සමාගම් තමන්ගේ බලය තහවුරු කළ ආකාරය මේ ගවේෂණය තුළින් හෙළි වූ බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය සහනාධාර ලබාදී හම්බන්තොට වරාය වැනි සම්පත් හමුදාමය කටයුතු සඳහා භාවිතා විය හැකි බවට ඉන්දීය නිලධාරීන් සැක පළ කර ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පළමු ණය කොටස වූ ඩොලර් මිලියන 307 ක ණය මුදලක් ලබාගෙන ඇත්තේ චීන රජයේ එක්සිම් බැංකුව මගිනි.

නමුත් එම ණය ලබාගැනීම සඳහා චීන රජයෙන් යෝජනා වූ චයිනා හාබර් සමාගමට වරාය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරදිය යුතු බවට චීන රජයෙන් කොන්දේසියක් පනවා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

ලොවපුරා චීන ණය ආධාර තුළින් ක්‍රියාත්මකවන ව්‍යාපෘති සඳහා මෙවැනි කොන්දේසි පැනවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, චීනය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සමීප සම්බන්ධතාවක් පැවති අතර 2015 ජනාධිපතිවරණය ළංවීමත් සමගම හිටපු ජනාධිපතිගේ සමීපතම හිතවතුන් වෙත විශාල මුදල් ප්‍රමාණ ලැබී ඇති බවයි.

ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත.

මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක්ද සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තව ත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තව ත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනු ඇත.

මෙම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ චනියා හාබර් සමාගමට අයත් උපගිණුමක් වන එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නමින් හැඳින් වූ හම්බන්තොට වරාය ව්‍යෘපෘතිය අයත් ගිණුමකිනි.

– newsfirst

126 views

94 Comments to “මහින්දගේ මැතිවරණයට චීනයෙන් ඩොලර් මිලියන 7ක්.. මිලියන 1.7 චෙක් දෙකක් අරලියගහ මන්දිරයට.. සහය දැක්වූ ප‍්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 38,000ක්..- Newyork Times හෙලි කරයි..”

  1. Anu says:

    Me comment dana baba sugath niyas kyla comment dana minissu me rate 2009 psse epduna minissu..yko miniha dyk kla nm e de tma dn me asndwta wikunan hari knna ituru wela tynne..mattala waraya chine nikm gtte nene..dollar 1 million hari dnnane..anika chineta me ubala kyna wedgt neti waryk gnna chinunta oluwe amaruwada..

    • බබා says:

      රටේ සල්ලි හොරාකාල රටම පරම්පරා ගානකට චීනෙට ණයකරල තමුන්ගෙ උවමනාවට රටේ සල්ලි මහජන මුදල් පාවිච්චිකරල ඒක හොඳදෙයක් කියල කියන්නෙ රටේ අවාසනාවකට ඉපදිච්චි තමුන්ල වගේ හරක්.

      • Anu says:

        Dn me aandwa parampara gaanakata gewanna naya ehma arn netuwa eti ne…

        • බබා says:

          ණය ගත්තත් ඒව එකෙක්ගෙ සාක්කුවෙ දාගෙන නෑනෙ.

          • Anu says:

            Kohomada dnne dnne..essra andwa saakuwe dgtta dn andwa sakkuwe dagenma ne kyla..yko dollar eka 160 tat wda wedi..eken hema dykma wedi wnwa kyla teren ndda

          • බබා says:

            @Anu, බයියට කඩේ යන පිං ගොනෝ, අරූ ගන්න ඇති,මූ ගන්න ඇති කියල නිකං ගොන්කම පෙන්වන්න එපා.ගත්ත කෙනා ගත්තුවිදිහ, ප්‍රමාණ බැංකු ගිනුම් ඇතුලු තොරතුරු ඉදිරිපත් කරන්න. මේ ලිපියෙ වගේ සාක්ෂි ඇතුව කරුණු ඉදිරිපත් කරන්න. නැතුව පර්සි මහේන්ද්‍ර හොරාකාපු එකට මිනිස්සු බනිනවට දුකට ⁣බොට හිතෙන හිතෙන මෝඩ කතා මේකෙ ලියන්න එපා.ඔහොම හිතද්දි උඹට සමහර විට හිතෙයි උඹේ තාත්තා ගැනත් ඇත්තටම මේ මගේ තාත්තද, තාත්තා වෙන මිනිහෙක් වෙන්න බැරිද කියලත්.

  2. නිදහස් says:

    මහින්දගෙ අතේ තියෙන වශියට රැවටිල රටට වෙච්ච විනාශය ගැන උජාරුවට කථා කරන මේ රටේ අවජාතකයො ලියන ඒව දැක්කම අපිටම දුකයි.

  3. sam says:

    $7.6 millon ( Koti 100 tath wadi ) narakama na Marci ayya. Kiyak sakkuwata giya da dan na…… Mara Hoara

  4. කොල්ලා says:

    හම්මෝ සෝමාලියාවට පාන් දාලා වගේ….

    • සෝමාලියාවට නෙවෙයි ලංකාවටම පාන් දෙන්න තිබුනා පරිප්පුත් එක්කම පර්සියා හොරාකාපු මේ සල්ලි වලින් විතරක් උනත්.

  5. Anu says:

    @ baba chandayak tiyala balannko..aandwa hodada narkada kyla etkota minissu kyai…

    • බබා says:

      2015දී කිව්වා අමතකද? බිලියන ගානක් රටේ සල්ලි වලින්ම ජන්දෙ කරලත් පර්සි පරාදයි.

      • Anu says:

        2015 nme 2018 feb 10 amtkai wge..ekne lgma eka..

        • බබා says:

          ගං සබා චන්ද, සමුපකාර චන්ද, දේවාලවල බස්නායක ජන්ද, ක්‍රිඩා සමිතිවල ජන්ද වගේ ඒවා නම් දිනනවා ඇති.මොකද එතන පක්ෂ පාට වලට වඩා තමුන්ගෙ එකාට,ගමේ එකාට,යාලුවට ජන්දෙ දෙන නිසා. හැබැයි ඉතින් මහ ජන්ද ජනාධිපතිවරන ඊට වෙනස්.එතකොට බලමු.

      • Anu says:

        Dn api denna tarka kara eti mcn..ewryk wnnene..minissu essrhta chndyk awot dena knkta dei..obata suwapath wethwa…

        • බබා says:

          ගැටලුවක් නෑ මිත්‍රයා.අපේ මිනිස්සු බොහෝ දෙනෙක් වචනවලින් වාදකරනවට වඩා අතින්පයින් වාදකරන්නයි කැමති. ඔබට යහපතක්ම වේවා!

Main News