මහින්දගේ මේ ප්රතිචාරය බැසිල්ටද.. බැසිල් කියූ කටුනායක-රතුපස්වල කතාවටද..
June 16, 2018 at 10:20 pm | lanka C news
තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද හුගක් අයට ඒවා අමතක බවද කී රාජපක්ෂ මහතා අද මොනතරම් අපරාධ සිදුවුවත් පොලිස්පතිවරයා භාවනා කරමින් සිටින්නේ යයිද සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වරකාපොල ප්රදේශයේ විහරස්ථානයක පැවති උත්සවයක් අමතමිනි.
මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අම්බලන්ගොඩදී කියා සිටියේ පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවත් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත්ය.
ආසන්න කාල පරාසයන් දෙකක් තුල එකම කාරණයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සොහොයුරා විසින් අදහස් පල කිරීම ගැන සමාජ ජාලාවන්හි පලවන්නේ විවිධ අදහස්ය.
හිටපු ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මතතාගේ පූර්ව ප්රකාශය සම්බන්ධයෙන් ප්රතිචාර දක්වා ඇති බව බොහෝ සමාජ ජාලා පරිශීලකයන්ගේ මතයයි.
බැසිල් ගෝඨාව කපන හැටි… 🌷මහින්ද ආණ්ඩුවේ වැරදි පිළිගනී… හලාවතදි මැරුවා.. රතුපස්වලදි මැරුවා… කටුනායකදි මැරුවා..රැස්වීම් වේදිකා ගිනි තිව්වා…
Gepostet von Dasun Chathuranga am Freitag, 15. Juni 2018
කවුරු කොහොම කිව්වත්, පසුගිය මහින්ද රජය පෙරළා දැමීමට කළ කුමත්රණයේ ආරම්බක අවශ්ථා දෙකක් තමයි රතුපස්වල සිද්දියත්,පෞද්ගලික විශ්රාම වැටුප් සිද්දියත්.මේ කාරනා දෙකේම පිටුපස සිට මෙහෙයවුයේ රනිල් වික්කමසින්හ ඇතුලු පාහර නඩයයි.නැතිනම් විශ්රාම වැටුපක් එපා කියා දිවිනසාගන්නා රටක් තවත් කොහේ ඇද්ද.මේ අවශ්ථා දෙකේදිම කිසිදු සාකච්චාවක කට අනුගත නොවි මස් රාත්තල ම ඉල්ලාසිටියේ මේ හේතුවට යි.
Gono, ubala wage pin padi karayan ta nikan dena pention eka hoda unata apen EPF kapagena 55 n passe podda podda ekam apita denna andueak moktada ? Apita epa.
100% correct. JVP was a part of the conspiracy . UNP and JVP both were/are handled by the same force.
mage kaale nam neethi heduwe mata digatama balaye innayi
Ranil wage minusu inna unp wage dupath ahinsaka pakshayata ochara dewal puluwanda.
saththakinma math ekagayi,
Ane pala yako yanna.Tho kathakaranne ada ipathuna ekek wage.
You should blame all political leaders who ruled country after 1977 except premadasa
හැබැයි මම එයාට තානාපති කමක් දුන්නා වත් ද?
මත ගැටුමක් ඇති බව පෙනී යයි. ම මෙන්ම බහුතරයක් ඔබ සමග මිස අන් අය සමග නොවී. ඔබ තුමාට ජයවේවා.
කිසිම මත ගැටුමක් ඇති බව නොපෙනේ, දෙදෙනාම කියන්නේ එකම දෙයයි , ඒවා පරස් පර විරෝධී නැහැ. බැසිල් ඒ සිද්ධි ගැන කනගාටු වෙනවා මිස සතුටු වෙන්නේ නැහැ, මහින්දත් පොලිස්පතිට ඇස වෙන්න කිවුවේ සිද්ධිය ගැන කනගාටු වුන නිසා මිසක් සතුටු වුන නිසා නෙමෙයි. දෙන්නම හිතන්නේ එකම බවයි ඒකෙන් පේන්නේ.
රටේ ආණ්ඩු කරවන වැඩ බැරි පාණ්ඩු බොරු කාරයින්ගේ බොරු වලට 2015 දී මෙන් අසු නොවන්න.