මහින්දගේ රජය අද තිබුනා රට ඉවරයි.. අපි යහපාලන ගෙනැවිත් රට බේරාගත්තා.. දැන් දිනෙන් දින රට සංවර්ධනය වෙනවා..
November 26, 2017 at 8:40 am | lanka C news
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගිය දා පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. 2015 වසරේ දී සංස්ථාවේ ලාභය රුපියල් මිලියන 400 සිට රුපියල් මිලියන 1230 දක්වා වැඩි කර ගැනීමට අපි සමත් වුනා. 2016 වසරේ දී එහි ලාභය වුයේ රුපියල් මිලියන 1900 ක්. ලාභයෙන් කොටසක් සේවකයින්ට ලබාදිය යුතු බවට මම යෝජනා කළා. ඒ පිළිබදව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා පවත්වනවා. නමුත් ඇතැම් කරුණු වලට මහාභාණ්ඩාගාරය එකග නැහැ. මම තවදුරටත් ඒ පිළිබදව මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීමට සුදානම්. නමුත් ඇතැම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවකයින් කළු පටි පැළැද සේවය කරන බවට මට තොරතුරු වාර්තා වුනා. ඔවුන් කළු පිටි පැළැද විරෝධතාවය පළ කල යුත්තේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටයි. එවිට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ පිළිබදව අවධානය යොමු කරයි. සංස්ථාව දියුණුවීම පිළිබදව අපි සතුටු විය යුතුයි. ඒ සදහා මුල් වී ඇත්තේ නිවැරදි කළමණාකරණයයි.
යහපාලන රජය තුල අඩුපාඩු තිබෙන්න පුලුවන්. සියයට 100 ක් නිර්මල රජයක් ලොව කොහේවත් නැහැ. එවැනි රජයක් බිහි කිරිමට මම තරුණ කාලයේ දී සිහින මැවුවත් එය ඉටු වුයේ නැහැ. පාට කණ්නාඩි ඉවත් කර මොළයට ඉඩ දී රජයේ හොද නරක තේරුම් ගන්න. පසුගිය රජය අද තිබුනා නම් මේ රටට සම්බාධක පනවා අවසන්. නමුත් යහපාලන රජය සම්බාධක පැනවීමෙන් රට බේරා ගත්තා. රට දිනෙන් දින සංවර්ධනය වෙමින් ඉදිරියට යනවා. යහපාලනය නැමැති ව්‍යුහ සුත්‍රය ස්ථාපිත කිරීම ක්‍රමක්‍රමයෙන් සිදු කළ යුතුයි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව තමයි මෙම රජය ස්ථාපිත කර තිබෙන්නේ. මොන ප්‍රශ්න තිබුනත් ප්‍රධාන දේශපාලන පක්ෂ 02 එකතු වීම මට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහරුන්ට නම් එය තේරෙන්නේ නැහැ. රජයේ අසුන් ගත්තේ කොහොම ද කියලා ඔවුන් දන්නේ නැහැ.
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහයෝගය ලබාදුන්නා. මෙම වැඩපිළීවෙල පිළිබදව සිය සාමාජිකයින් දැනුවත් කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමුවත් එය අවම කිරීමට මම කටයුතු කළා.”
මෙහිදී හොදම රාජ්‍ය ඔසුසල ලෙස අනුරාධපුර ඔසුසල සම්මාන හිමිකරගත්තේය. හොදම බලය ලත් බෙදාහරින්නා ලෙස කුරුණෑගල නිව් ෆාමසි සම්මාන හිමිකර ගත් අතර, හොදම නියෝජිත ඔසුසල ලෙස ජා-ඇල ප්‍රසන්න ෆාමසිය සම්මාන හිමිකර ගත්තේය.
සෞඛ්‍ය සේවාව දියුණු කිරීම වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සම්මානයක් පිරිනමන ලදි.
මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිල ෆෙස්බුක් පිටුව ද ආරම්භ කිරීම ද සිදුවිය.
– ප්‍රසන්න අධිකාරී
අද අප රට කම්භ හොරුන්ගේ පරාදීසියක් බවට පත්ව ඇති බැව් නොරහසකි. භාණ්ඩාගාර බිල්පත් වoචාව හමුවේ රාජ්‍ය බැoකු වලට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුකර ඇති මහපරිමාණ අලාභයන්ට වගකිවයුතු වoචනිකයින් මූල්‍ය නීති උල්ලoඝනයකිරීම හා දූෂණ චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පමුණුවා අත්අඩoගුවට පත්කිරීමට අපමණ සාක්ෂි තිබියදීත්, එසේ නොකොට කල්මරමින්, විමසීම් කමිටු සහ කොමිෂන් සභා පත්කරමින් වoචනිකයින් ට නිදැල්ලේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබේ.
නොයෙකුත් කූට උපක්‍රම මගින් ජනතාව මුලාකරමින් මැතිවරණ සිතියම හකුලා දමා ඇත. රාජපක්ෂ පාලනය අවසන් කිරීමට අතහිත දුන් බෙදුම්වාදීන්ගේ මනදොල පිරවීමට අවශ්‍ය, ව්‍යවස්ථා , යුද අපරාධ අධිකරණ ආදී සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.
පල හොරිකඩය මක බෑවිල.මූව
එල්ලන ඕන අහවල් එකෙන්
Rajitha,
Stop predicting your BOGUS COMMENTS. See people how reacting against you. Situation is embracing
“වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත.” — ඔය කොරල තියෙන්නේ !!!
“ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේරේනය පමණයි..
මෙන්න වෙනස. හොරෙක් ගේ සහතිකය.