මහින්දගේ රැළිය පුස් වෙඩිල්ලක්…
October 10, 2016 at 5:30 pm | lanka C news
ප්‍රයිම් එක්ස්පෝ 2016 දෙවන අදියර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඇඹිලිපිටිය මහවැලි බුද්ධි මණ්ඩප පරිශ්‍රයේ දී ආරම්භ විය.
අපනයන කෘෂි ක්ෂේත්රයේ පාර්ශවකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් සහ අපනයන කෘෂි බෝග හා ප්‍රාථමික කර්මාන්ත අංශයේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් මේ යටතේ පැවැත්වේ.
මෙහිදී, අපනයන කෘෂි බෝග වගාව හා එහි අගය එකතු කිරීමේ අංශයේ කටයුතු වල නිරතවන පුද්ගලයින් දිරිගැන්වීමේ වැඩසටහනක් ද දියත් කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමන්,
“අපනයන කෘෂි බෝග වගා ක්ෂේත්රයේ ගොවීන් මේ වන විට නියගය නිසා දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. මම මේ අවස්ථාවේ අපේ නිළධාරින්ට කියන්න කැමතියි. එම ගොවීන්ගේ වගාබිම් ආරක්ෂා කරගන්න සහ උපරිම ඵලදාවක් ලබා ගන්න පුළුවන් විදිහට වගාවන් රැකබලාගන්න පුළුවන් ආකාරයෙන් ඔවුන් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන්න කියලා. මේ අවුරුද්දේ රටේ බොහෝ ප්‍රදේශවලට නියගය බලපෑවා. එහෙම කියලා අපිට ගොවීන් අසරණ කරන්න බෑ. අපේ ආර්ථික ඉලක්ක ජයගන්නත් ගොවීන්ගේ සිහින සැබෑ කරන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙන්න අවශ්‍ය වෙනවා.“
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් රත්නපුරේ දී සංවිධාන කර තිබූ රැළියක් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයකුත් විධායක ජනාධිපතිධුරයේ අසීමාන්තික බලයකුත් තියාගෙන ඡන්දෙකින් ගන්න බැරිවුණු ආණ්ඩුව තව අවුරුදු දෙකකින් ගන්නවා කියලා කියන්නේ මොන විදිහටද කියලා අපිටනම් හිතාගන්න බෑ. ලෝකේ වටේ තැන් තැන්වලින් හිතුවක්කාර විදිහට ගත්ත ණය වලටයි, බොරු විදුලි පුටුවටයි බයේ නිසි කාලෙට කළින් ඡන්දෙට නොගියා නම්, මේ අපි කතා කරන අද දවසෙත් ජනාධිපති වෙලා ඉන්නේ එතුමා තමයි. ඉතිං අපි දැන් එතුමාගේ පුස් වෙඩිලි වලට බය වෙන්න උවමනා නෑ.“
අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ද අමාත්‍යතුමන් මෙහිදී කරුණු පැහැදිලි කළේය.
“අපිට අවශ්‍ය කරන්නේ තමුන්නාන්සේලාගේ ගෙවල් වල ආදායම වැඩි කරන්න. මේ ධන සවියේ එක ව්‍යාපෘතියක් තමයි ලංකාවේම ඉන්න කාන්තාවන් ලක්ෂ දහයකගේ ආදායම අඩුම වශයෙන් රුපියල් ලක්ෂයකින් වැඩි කරන්න. ගම්මිරිස් පැළයක් අපි හරියට හිටවලා නඩත්තු කළොත් අපිට පුළුවන් ගම්මිරිස් කිලෝ පහක් ගන්න. ගම්මිරිස් කිලෝ එකක් රුපියල් දාහකට විකිණෙනකොට පොල් ගහකට වැල් දෙකක් යවලා රුපියල් දහදාහක ආදායමක් ගන්න පුළුවන්. අපි ඒක පන්දාහක් කියමු. ගෙදර පොල් ගස් විස්සක් තියනවානම්, පහසුවෙන්ම මේ විදිහට රුපියල් ලක්ෂයක ආදායමක් හොයාගන්න පුළුවන්.
කප්රුකට ගම්මිරිස් කියන වැඩසටහනින් පමණක් ලබාපොරොත්තු වෙනවා ලංකාවේ තියන පොල් ගස් සියයට 30-40ක මේක කර ගත්තොත් දැනට අපේ රටේ තියන ටොන් 17,000ක ගම්මිරිස් නිෂ්පාදනය ටොන් 60,000 වෙනකල් වැඩි කරන්න පුළුවන්.
අපි අක්කර 25,000ක කඩිනම් අන්නාසි වගා ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මේක මම තෝරා ගත්තේ කුරුණෑගල, පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්ක තුක කේන්ද්‍ර කර ගනිමින්. පොත් ගස්වල ගම්මිරිස් වැල යනවනා වගේම ඒ අතරේ අන්නාසි වවන්න පුළුවන්. අපිට මේ වෙනුවෙන් අවශ්‍ය කරනවා අන්නාසි තවාන් 750ක්. අපි කුරුදු අක්කර 25,000ක් අලුතින් වවන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි අවශ්‍යයි තවත් තවාන් 5,000ක්. අපි මේ තවාන් ඇති කරන අයට ආධාර කරනවා. රුපියල් 150,000ක් මම ඒ අයට ලබා දෙනවා, ඒකෙන් 75,000ක් පැළ දෙනකොට අඩු කරගන්නවා. ඉතිරි 75,000 ආධාරයක් හැටියට දෙනවා. තවාන්කරුවන් අවශ්‍යයි. වතුර තියන, උනන්දුවක් තියන, මේ වැඩේ කැපකිරීමෙන් කරන්න පුළුවන් අය මේකට එකතු වෙන්න. හොද ආදායමක් ලබා ගන්න පුළුවන්. පක්ෂ බේදයක් නෑ. ජාති බේදයක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ ව්‍යවසායකයින් නිර්මාණය කරන්න.“
මෙහිදී ‘ධන සවිය‘ ගෙවතු වගා වැඩසටහන යටතේ අපනයන කෘෂි බෝග වගාව සදහා ගොවියන් උනන්දු කරවීමේ අරමුණින් ගොවීන් වෙනුවෙන් නොමිලයේ අපනයන කෘෂි බෝග රෝපණ ද්‍රව්‍ය ප්රදානය අමාත්‍යතුමන් අතින් සිදු විය. තවද, එම ගොවීන්ට අවශ්‍ය සෙසු රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට අදාල හිමිකම් පත්‍ර ප්රදානය ද අමාත්‍යතුමන්ගේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
එසේම, අපනයන කෘෂි බෝග ක්ෂේත්රයේ වගාකරුවන්, ඒකරාශී කරන්නන්, ඇසුරුම්කරුවන් මෙන්ම අපනයනකරුවන් ඇතුළු සියලු දෙනා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ විධිමත්ව ලියාපදිංචි කිරීම ද මෙහිදී සිදු වේ.
තෙදින වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රයිම් එක්ස්පෝ දෙවන අදියර හෙට (11) අවසන් වීමට නියමිතය.
මෙම උත්සවයේ දී අමාත්‍ය දයා ගමගේ මහතා විසින් පසුගියදා නිකුත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 191 ක් ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත් වූ ඇඹිලිපිටිය ආර මහා විද්‍යාලයේ එම්. එස්. රුවන්මාලි මදරසිංහ ශිෂ්‍යාව වෙනුවෙන් අමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක දයාසරණ සංවර්ධන පදනමේ ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ද කටයුතු කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පී. අබේරත්න, ඒ. බාලසූරිය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ අතිරේක ලේකම් ඉංජි. අංජලී ත්‍යාගරාජ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය පී. කේ. සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
– භාරත තෙන්නකෝන්
ඔහොමවත් හිත හදා ගන්න එක හොදා
නෑ නෑ මහජනතාව නම් බය නෑ ඒගොල්ල ආසයි කරපු වැරැද්ද නිවැරදි කරගන්න බය වෙලා තියෙන්නේ ඕගොල්ලෝ .
ඔන්න ඕකට තමා කියන්නේ කට බොරු කිවත් දිව බොරු කියන්නේ නෑ කියල .
හිතේ බය කටින් එලියට පනිනවා .නෑ නෑ අපි බය නෑ අපි ආසයි මහින්ද එනවට
තමුසෙලා ජන්දේ තියනවකෝ, අපි කියල දෙන්නම් මොකද වෙන්නේ කියලා, මෝඩයෙක් ඔහේ කතා කරනවා. මහා ජනතාව මුන්ට හිනා වෙනවා, එකවත් නොතේරෙන මෝඩයෙක්
ජනවාරි 8 වෙනිදා බොරු කියමින් ජන්දේ ගත්තා, දැන් තමුසෙලා මොනවද කොරන්නේ, කොටි කටේ පහරල යනතුරු බලා හිටපියව්
ඔව් ඔව් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඡන්දය තියපන් .
30 පාරක් පැරදිලා යාන්තම් ඇමෙරිකාවයි ඉන්දියාවයි LTTE යි එක්කහු වෙලා කප්පරකට බොාරු කියලා මහජනතාව රවට්ටල අටෝල දුන්නු ආන්ඩුව කරගන්න බැරුව තව තවත් බොරු කිය කිය මහජනයා රවටනවා. දැන් නම් තොපිට ඡන්දෙ දෙන්නෙ අර කැපුවත් කොල රටට හෙන ගැහුවත් කමක් නැති අය විතරයි.
Anew me balagena inne munta chance denna.yanna wenama apayak ona yako thopita.rata Kala iwaraiii
වසම බලාගන්නත් බැරි ග්‍රාමසේවක රටක් බලාගන්නේ කොහොමද
http://de.popularvideos.top/watch/hihh97GRsD0
වසමක් නම් කමක් නැහැ …එකම පුතා හදාගන්න බැරි
පුස්ද නැද්ද බලන්නත් එක්ක චන්දයක් තිබ්බ නම් නේද හොඳ?
මහින්ද රාජපක්ෂ මහතාට අසීමිත බලයක් තිබියදීත් ඡන්දයකින් පරාජයට පත්වූ බව සැබෑය.කෑලිි මූට්ටු කර අටවා ගත් යහපාලන ආණ්ඩුවට යථාර්ථවාදීව එවන් කිසිදු බලයක් නොමැතිව ඡන්දයකින් පරාජය නොවී ඉන්නට අද්‍රශ්‍යමාන බලවේගයක බල පෑමක් ඇද්දැයි දයා ගමගේ පැහැදිලි කල යුතුය.මේ සියල්ල තීරණය කරන්නේ ජනතාව බව නොදන්නා ගමගේ වැන්නන් මෙවන් කටමැත දෙඩවීම් කිරීම සාමන්‍ය සිද්ධියකි.මේ කියමන් හුදෙක් දේශපාළණ ප්‍රකාශයන් මිස මහපොලවේ සිදුවන යථාර්ථයන් නොවන්නේය..
කප්රුකට ගම්මිරිස් නෙමෙයි මෙහෙම රට ගියොත් කාට කාටත් පුකට ගම්මිරිස්ම තමයි.