මහින්දගේ වටිනා අවවාදය පිලිගනී.. ඔලිම්පික් පදක්කම විකිණීම සුසන්තිකා අතහරී..

July 21, 2017 at 6:48 pm | lanka C news
මහින්දගේ වටිනා අවවාදය පිලිගනී.. ඔලිම්පික් පදක්කම විකිණීම සුසන්තිකා අතහරී..

ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට වූ තීරණය තමන් අතහැර දැමූ බව ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

තමන් මෙම තීරණය ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවවාදයක් අනුව බවද ඇය සදහන් කරයි.

ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ලැබෙන සුළූ දෙයකින් වුවත් උපරිම සේවයක් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා අවවාද කල බවත් ඇය කියා සිටී.

168 views