මහින්දගේ ශ්‍රීලනිප සාමාජිකත්වය සමග මන්ත්‍රී ධුරයත් අහෝසියි..?
December 17, 2018 at 12:08 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් ශ්‍රීලනිප මන්ත්රීවරුනගේ පක්ෂ සාමාජිකත්වය හා මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව ශ්‍රීලනිප උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රීලනිප සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත් සැනින් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ සාමාජිකත්වය ඇතුළු පක්ෂය තුළ දරන ලද සියලූ තනතුරු ඉබේම අහෝසි වන බවයි.
මේ තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
මේ බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා හා සන්ධාන මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දිය යුතුව ඇති බවද ඔහු කියා සිටියේය.
ලේකම්වරු එම කටයුත්ත නොකරන්නේ නම් අධිකරණය වෙත යාමට තමන් සූදානම් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
මහින්දගේ ශ්‍රීලනිප සාමාජිකත්වය සමග මන්ත්‍රී ධුරයත් අහෝසියි..?