මහින්දගේ සහෝදරයෙක් වීම නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීම ගැන මං විරුද්දයි..- වාසු

September 14, 2018 at 11:20 am | lanka C news
මහින්දගේ සහෝදරයෙක් වීම නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීම ගැන මං විරුද්දයි..- වාසු

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයෙක් වීම නිසාම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීම ගැන තමන්ගේ එකඟත්වයක් නැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නමුත් ජනාධිපති අපේක්ෂක වීමට සුදුසුකම් ඇති අයකු මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වීම ගැන තමන්ගේ විරෝධයක් නොමැති බව ද ඒ මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහෝදරයා වූ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමේ ඉඩක් ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේවෙතත් ඉන්දියාවේ දී මහින්ද රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශයේ සමස්තය සමග ගැටලුවක් නැති බවත් අවසානයේ සියලු දෙනා සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එහිදී සදහන් කර ඇති බවත් මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

96 views