මහින්දට වින කටිමින් චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට.. විපක්ෂ නායක කමත් ඇයට.. ශ්රීලනිපය ලිඛිතව දන්වයි..
August 20, 2019 at 9:20 am | lanka C news
පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.
මන්තී‍්‍ර ධුරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇයට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලෙස ද එමගින් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ පිළිබඳව විශේෂ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහා සමුළුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
– divaina