මහින්දට එරෙහි මුදල් අමාත්‍යංශ නිවේදනය, අරිට්ටකී වෙන්ඩුගේ ‘රාජා හෝ මා හෝ ගංගා හෝ’ පූජාවක් වෙයි..
February 26, 2017 at 11:41 pm | lanka C news
ප්‍රශ්නගත බැදුම්කර මගඩිය හා සම්බන්ද කූට ගැසට් පත්‍රය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශව විසින් නිකුත් කරන ලද නිවේදනය සමබන්ධයෙන් ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී රුසිරුපාල තෙන්නකෝන් අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාල නිවේදනය මෙවන් බාල උත්සාහයන්ගෙන් අදාල වංචාව යට ගසනු බැරි බවයි.
කෝට්ටේ රජ සමයේ රජතුමාට සිටි අරිට්ටකී වෙන්ඩු නම් උපදේශකයෙක් විසින් රජුට දෙනු ලැබූ සියළු උපදෙස් වැරදී ගිය පසු ‘එක්කො රජ්ජුරුවො, එක්කො මම, නැත්නම් ගංගාව’ යයි සිතා ‘රාජා හෝ මා හෝ ගංගා හෝ’ නමින් ගගට පනින යාගයක් කල බවත් එම අවසන් යාගය කරන ආකාරයෙන් අද වන විට ආන්ඩුව කටයුතු කරන බවද ඔහු කීය.