මහින්දට කඬේ ගියා කියා කරූ, නවීන්, පාඨලී, රාජිතට එජාප ජනාධිපති අපේක්ෂකකම් බෑ කියා දන්වයි..

February 10, 2019 at 3:26 am | lanka C news
මහින්දට කඬේ ගියා කියා කරූ, නවීන්, පාඨලී, රාජිතට එජාප ජනාධිපති අපේක්ෂකකම් බෑ කියා දන්වයි..

එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකධුරය සදහා කිහිප දෙනෙකු අතර බල අරගලයක් ඇති වී ඇත. නමුත් මෙම පිරිසට එජාප මන්ති‍්‍ර කණ්ඩායම් කිහිපයක්ම විරුද්ධ බව මීට පෙරද අග‍්‍රමාත්‍යවරයාට පවසා තිබූ බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනු ලැබුවා.

කරූ ජයසූරිය නවීන් දිසානායක පාඨලී චම්පික හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ අමාත්‍ය මණ්ඩලයේ සිටියදී 18වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමල මාධ්‍යචේදි ඝාතන හා එවකට අග‍්‍රවිනිශ්චයකාරවරිය බලහත්කාරයෙන් ධූරයෙන් පහකිරීම සදහා සහය දුන් අය බවත් එවැනි අයට එජාප ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේනම් ඒ සදහා තමන් ඇතුඑ කණ්ඩායම දැඩිව විරුද්ධ බව අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී පවසා ඇත.

එජාප මන්ති‍්‍ර කණ්ඩායම වැඩිදුරටත් අග‍්‍රමාත්‍යවරයාට පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා එක්සත් ජාතික පක්ෂයේ නිකලැල් නායකයෙකු පත්කරගත යුතු බවයි. තවද එසේ නොවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදි තම කණ්ඩායමේ සහය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගැනීමට සිදුවන බවද එම පිරිස අග‍්‍රමාත්‍යවරයාට පවසා ඇත.

තම කණ්ඩායම මෙවැනි තීරණයක් ගැනීමට හේතුව නම් 2015 මැතිවරණයේදී එජාප නොවන අයෙකු සදහා අපේක්ෂකත්වය ලබාදී මේ වන විට ඉගෙනගත් පාඩම් බවත් තවදුරටත් එවැනි තීරණ මගින් එක්සත් ජාතික පාක්ෂිකයන් නන්නත්තාර කිරීමට ඉඩ නොතැබීමට බව ද මෙම පිරිස රනිල් වික‍්‍රමසිංහ මහතාට පවසා තිබේ.

– pws

26,667 Viewers

4 Comments to “මහින්දට කඬේ ගියා කියා කරූ, නවීන්, පාඨලී, රාජිතට එජාප ජනාධිපති අපේක්ෂකකම් බෑ කියා දන්වයි..”

  1. ගන්ජ බන්ඩා says:

    කරූ ජයසූරිය නවීන් දිසානායක පාඨලී චම්පික හා රාජිත සේනාරත්න කට්ටිය නම් බ්ලාස්, දැන් තියෙන්නෙ සජිත කපන එකය්. රනිලා උස්සන්න කොහොමද සමනල ගේම් පාර.

    • Sepala says:

      සජිතා කපන එක හරි ලේසියි..ඌ පො….නේ..දැන් තියෙන්නෙ කැළනියෙන් එන විජේවර්ධව උස්සන එකයි.ඒක TNL එක නියමෙට කරයි…කොහොමද ටිකිරි මොලේ….කලු සුද්දන්ගේ ගමනක අවසානය…

  2. අංකූරා says:

    අදහස හොඳයි !, අදහස හොඳයි !!, ඉන්නවා නම් එහෙම නායකයෙක් හොයලා දාන්න වැඩේ හොඳටම හොඳයි !!!.

Leave a Comment

Main News