මහින්දට ගැටඹේ ශ‍්‍රීලනිප මැයි රැළියට පැමිණීම අනිවාර්ය කරයි.. නොපැමිණියොත් දැඩි දඬුවම්..

April 24, 2017 at 11:20 am | lanka C news
මහින්දට ගැටඹේ ශ‍්‍රීලනිප මැයි රැළියට පැමිණීම අනිවාර්ය කරයි.. නොපැමිණියොත් දැඩි දඬුවම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත‍්‍රීවරුන් මැයි දිනය වෙනුවෙන් ගැටඹේ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි රැළියට අනිවාර්යෙන්ම පැමිණිය යුතු යයි එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ සදහා සහභාගී නොව මන්ත‍්‍රීවරුන් සදහා මැයි දිනයෙන් පසුව දැඩි තීරණයක් ගැනීමටද එහිදී තීරණය වී ඇත. ජනාධිපති නිල නිවසේදී මෙම හමුව ඊයේ රාත‍්‍රියේ පැවැත්වුනේ ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතාද ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් වන අතර දැනටමත් ඔහු ප‍්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමන් ගාළු මුවදොර පැවැත්වෙන ආණ්ඩු විරෝධී මැයි රැළියට සහභාගී වන බවයි.

ඒ අනුව මැයි දිනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන්ද ශ‍්‍රීලනිප මාධ්‍යම කාරක සභාව විසින් එම දැඩි තීන්දුව ගනු ඇත.

61 views
Main News