මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මමයි කියා ජනපති මෛත‍්‍රී 2016 අපේ‍්‍රල් කියූ වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

May 31, 2018 at 10:00 am | lanka C news
මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මමයි කියා ජනපති මෛත‍්‍රී 2016 අපේ‍්‍රල් කියූ වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තංගල්ලට යාම සදහා හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ කියා සිටියේය.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ගුන සමරුව අමතමින් සිදු කල දැඩි ආවේගකාරී කතාවේදී ඔහු මේ බව විමසීය.

නමුත් 2016 අපේ‍්‍රල් මස 09 වැනිදා මොණරාගලදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය පරජජය වූ පසු ගෙදර යාමට හෙලිකොප්ටර ලබා දුන්නේ නමන් විසින් බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශ දෙකම ඇතුලත් වීඩියෝවක් සමාජ ජාලාවන්හි වේගයෙන් සංසරණය වෙමින් ඇත.

635 views
Main News