මහින්දට ජනතාව ආදරෙයි.. ඔහු ඉතාම ජනප්‍රියයි.. ආණ්ඩුව හොඳටම එපා වෙලා.. අපේ වැඩපිළිවෙළ ගම් 33000 තුලම ක්‍රියාත්මකයි..

March 19, 2017 at 7:05 am | lanka C news
මහින්දට ජනතාව ආදරෙයි.. ඔහු ඉතාම ජනප්‍රියයි.. ආණ්ඩුව හොඳටම එපා වෙලා.. අපේ වැඩපිළිවෙළ ගම් 33000 තුලම ක්‍රියාත්මකයි..

මේ වනවිට ආණ්ඩුව රටක් ලෙස වැඩි කලයුතු සියලු දේ අඩු කරලා , ඒක පුද්ගල අදායම, දල ජාතික නිෂ්පාදනය, අපනයනය, මෙන්ම සමස්ථ ආර්ථික සංවර්ධනයම අඩු කරගෙන තියෙනවා, ඒ වගේම රටක අඩු කලයුතු දේවල් වන දුප්පත්කම, උද්ධමනය, ආනයනය, රුපියල අවප්‍රමාණය වීම මෙන්ම ඩෙංගු වැනි මාරන්තික රෝග විතරක් නෙවී පාතලයේ ක්‍රියාකාරකම් පවා ඕනවටත් වඩා වැඩි කරගෙන, ඒ අනුව සමස්ථ ජනතාවගේ ආර්ථිකය අද කඩා වට්ටවා ඔහුන් පිඩාවට පත් කර ඇති බව ශ්‍රීලංකා පොදු ජන පක්ෂයේ මොරටුව ආසන ක්‍රියාකාරින් අමතමින් හිටපු ආර්ථික සංවර්ධනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ ය.

මොරටුව හිටපු නගාරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු නාගරික මන්ත්‍රීලා මෙන්ම පලාත් සභා සහ අනිකුත් ප්‍රදේශයේ දේශපාලන ක්‍රියා කාරින් රැසක් මෙම රැස්වීමට සහභාගි විය.

එහිදි බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ අද වෙනකොට පසුගිය නොවැම්බර් මාසයේදී ලියාපදිංචි කල ශ්‍රීලංකා පොදු ජන පක්ෂය මේ වනවිට ඉතා කෙටි කලකින් ශ්‍රීලංකා දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පිහිටි ග්‍රාමසේවා වසම් 14,300ම (ගම් 33,000) ආවරණය වන පරිදි ජනතාවගේ සහභාගිත්වයෙන් පක්ෂයේ සාමාජිකයන් බදවා ගැනිමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම් සහිතව ආරම්භ කොට ඇති බවයි.

එම වැඩපිළිවෙළ ශක්තිමත් ලෙස ගමට ගෙන යාම සියලු දෙනාගේම කැපවිම මත ඉතා සාර්ථකව කරන අතර ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි දක්වන ආදරය සහ ගෞරවය මෙමගින් මැනවින් පිලිබිඹු වන බවත් එහෙත් අපි මොහොතකට හෝ එතුමා ගේ ජනප්‍රියත්වය සහ ආණ්ඩුවේ අසාර්ථකත්වය පමණක් සිතා ඡන්දයකට සුදානම් විම පමණක් ප්‍රායෝගික නොවන බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

39 views
Main News