මහින්දට නැති පෞර්ෂයක් මෛත‍්‍රිට තියෙනවා.. මෛත‍්‍රී අමුතු කෙනෙක්..- ඥාණසාර හිමි

May 28, 2019 at 10:20 pm | lanka C news
මහින්දට නැති පෞර්ෂයක් මෛත‍්‍රිට තියෙනවා.. මෛත‍්‍රී අමුතු කෙනෙක්..- ඥාණසාර හිමි

මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති බව ද කී උන්වහන්සේ වත්මන් ජනාධිපතිතුමන් තමන් නැවත වතාවක් හිරේ දමන්නට බැරි කෙනෙකුන් නොවන බවද කියා සිටිති.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන අදහස් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

ඔබට ගෞරවයක් ඇති වෙන ලෙස මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා දෙන්නම් යැයි තමන් සහ තම මෑණියන් ජනාධිපතිවරයා සමග සඳහන් කළ බවද ඥාණසාර හිමියන් කීහ.

තමන් කිසිවිටකත් විට තමන්ට නිදහස ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බව ඥානසාර හිමි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අමුතු දේශපාලඥයකු වන බවත් අනෙක් බොහෝ දේශපාලනඥයින්ට වඩා ජනාධිපතිතුමා අමුතු බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කීහ.

සම්පූර්ණ සලකුණ වැඩසටහන මෙතනින්

මහින්දට නැති පෞරුෂයක් මෛත‍්‍රී ජනාධිපතිට තියෙනවා.

මහින්දට නැති පෞරුෂයක් මෛත‍්‍රී ජනාධිපතිට තියෙනවා.

Gepostet von Headline News am Dienstag, 28. Mai 2019

295 views
Main News